وَالشَّمْسِ وَضُحَاهَا1
හිරු හා එහි ප්රභාව මත දිවුරමින්
وَالْقَمَرِ إِذَا تَلَاهَا2
එය පසුපසින් හඹා යන සඳු මත ද,
وَالنَّهَارِ إِذَا جَلَّاهَا3
දහවල එය ඔප් නංවන විට එය මත ද,
وَاللَّيْلِ إِذَا يَغْشَاهَا4
රාත්රිය එය ආවරණය කරන විට එය මත ද,
وَالسَّمَاءِ وَمَا بَنَاهَا5
අහස හා එය ගොඩ නැගූ දෑ මත ද,
وَالْأَرْضِ وَمَا طَحَاهَا6
පොළොව හා එය ව්යාප්ත කළ දෑ මත ද,
وَنَفْسٍ وَمَا سَوَّاهَا7
ආත්මය හා එය සැකසූ දෑ මත ද දිවුරමින්
فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا8
ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද, එහි ධාර්මිකතාව ද ප්රවිෂ්ට කළේය.
قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا9
සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.
وَقَدْ خَابَ مَنْ دَسَّاهَا10
තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.
كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا11
සමූද් ජනයා තම සීමා ඉක්මවා අපරාධ කරමින් (එය) බොරු යැයි පැවසුවෝය.
إِذِ انْبَعَثَ أَشْقَاهَا12
ඔවුන්ගේ අභාග්යවන්තයා නැගී සිටි විට,
فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا13
මෙය අල්ලාහ්ගේ ඔටු දෙනය. (මෙයට හිංසා නොකරනු) යැයි ද උගේ පැන් ස්ථානය (පැන් බීමෙන් නොවළක්වන්න) යැයි” ද අල්ලාහ්ගේ දූතයා පැවසුවේය.
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُمْ بِذَنْبِهِمْ فَسَوَّاهَا14
එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය.
وَلَا يَخَافُ عُقْبَاهَا15
තවද ඔවුන්ගේ අවසානය ගැන ඔහු බියවන්නේ නැත.