සූරා 91 · ජුස් 30
Ash-Shams · 91:14
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُمْ بِذَنْبِهِمْ فَسَوَّاهَا
එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය.
තෆ්සීර්
නමුත් ඔටුවා සම්බන්ධයෙන් ඔවුහු ඔවුන්ගේ දූතයාණන්හට බොරු කළහ. ඔවුන් අතර සිටි එම අභාග්ය්වන්තයා තමන් සිදු කළ දේ ඔවුන් නිවැරැදි යැයි පිළිගැනීමත් සමගම ඔහු ඌ මරා දැමීය. අල්ලාහ් ඔවුන් කෙරෙහි දඬුවම ක්රිියාත්මක කළේය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් මහා හඬකින් ඔහු ඔවුන් විනාශ කර දැමීය. ඔවුන් විනාශ කර දැමූ එම දඬුවමේදී ඔහු ඔවුන්ව සමතලාකර දැමීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න