Ash-Shams

سورة الشمس

සූරා 91 · මක්කා · 15 පද

91:1ජුස් 30 · පි. 595

وَالشَّمْسِ وَضُحَاهَا1

හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්
91:2ජුස් 30 · පි. 595

وَالْقَمَرِ إِذَا تَلَاهَا2

එය පසුපසින් හඹා යන සඳු මත ද,
91:3ජුස් 30 · පි. 595

وَالنَّهَارِ إِذَا جَلَّاهَا3

දහවල එය ඔප් නංවන විට එය මත ද,
91:4ජුස් 30 · පි. 595

وَاللَّيْلِ إِذَا يَغْشَاهَا4

රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද,
91:5ජුස් 30 · පි. 595

وَالسَّمَاءِ وَمَا بَنَاهَا5

අහස හා එය ගොඩ නැගූ දෑ මත ද,
91:6ජුස් 30 · පි. 595

وَالْأَرْضِ وَمَا طَحَاهَا6

පොළොව හා එය ව්‍යාප්ත කළ දෑ මත ද,
91:7ජුස් 30 · පි. 595

وَنَفْسٍ وَمَا سَوَّاهَا7

ආත්මය හා එය සැකසූ දෑ මත ද දිවුරමින්
91:8ජුස් 30 · පි. 595

فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا8

ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද, එහි ධාර්මිකතාව ද ප්‍රවිෂ්ට කළේය.
91:9ජුස් 30 · පි. 595

قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا9

සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.
91:10ජුස් 30 · පි. 595

وَقَدْ خَابَ مَنْ دَسَّاهَا10

තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.
91:11ජුස් 30 · පි. 595

كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا11

සමූද් ජනයා තම සීමා ඉක්මවා අපරාධ කරමින් (එය) බොරු යැයි පැවසුවෝය.
91:12ජුස් 30 · පි. 595

إِذِ انْبَعَثَ أَشْقَاهَا12

ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,
91:13ජුස් 30 · පි. 595

فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا13

මෙය අල්ලාහ්ගේ ඔටු දෙනය. (මෙයට හිංසා නොකරනු) යැයි ද උගේ පැන් ස්ථානය (පැන් බීමෙන් නොවළක්වන්න) යැයි” ද අල්ලාහ්ගේ දූතයා පැවසුවේය.
91:14ජුස් 30 · පි. 595

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُمْ بِذَنْبِهِمْ فَسَوَّاهَا14

එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය.
91:15ජුස් 30 · පි. 595

وَلَا يَخَافُ عُقْبَاهَا15

තවද ඔවුන්ගේ අවසානය ගැන ඔහු බියවන්නේ නැත.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න