Al-Qalam

سورة القلم

සූරා 68 · මක්කා · 52 පද

68:1ජුස් 29 · පි. 564

ن ۚ وَالْقَلَمِ وَمَا يَسْطُرُونَ1

නූන්, පෑන හා ඔවුන් ලියන දෑ මත දිවුරමින්
68:2ජුස් 29 · පි. 564

مَا أَنْتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ2

නුඹේ පරමාධිපතිගේ පිහිටෙන් නුඹ උන්මත්තකයකු නොවේ.
68:3ජුස් 29 · පි. 564

وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ3

තවද සැබැවින්ම නුඹට නිමක් නොමැති ප්‍රතිඵලයක් ඇත.
68:4ජුස් 29 · පි. 564

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ4

තවද නියත වශයෙන්ම නුඹ අති උතුම් ගතිගුණ මත වන්නෙහිය.
68:5ජුස් 29 · පි. 564

فَسَتُبْصِرُ وَيُبْصِرُونَ5

නුඹ මතු දකිනු ඇත. තවද ඔවුහුද මතු දකිනු ඇත.
68:6ජුස් 29 · පි. 564

بِأَيْيِكُمُ الْمَفْتُونُ6

නුඹලා අතුරින් කවරෙකු පීඩාවෙන් පෙළෙන්නේදැයි
68:7ජුස් 29 · පි. 564

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ7

නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී ගිය අය පිළිබඳ මැනැවින් දන්නාය. තවද යහමග ලද්දවුන් පිළිබඳ ව ද මැනැවින් දන්නාය.
68:8ජුස් 29 · පි. 564

فَلَا تُطِعِ الْمُكَذِّبِينَ8

එහෙයින් නුඹ බොරු කළවුනට අවනත නොවනු.
68:9ජුස් 29 · පි. 564

وَدُّوا لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ9

නුඹ ලිහිල් කළෙහි නම් එවිට ඔවුහුද ලිහිල් කරන්නට කැමති වෙති.
68:10ජුස් 29 · පි. 564

وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَهِينٍ10

තවද අධික වශයෙන් දිවුරා සිටින නීච සෑම කෙනෙකුටම නුඹ අවනත නොවනු.
68:11ජුස් 29 · පි. 564

هَمَّازٍ مَشَّاءٍ بِنَمِيمٍ11

ඔහු දොස් නගන්නෙකි. කේලාම් කියමින් සැරිසරන්නෙකි.
68:12ජුස් 29 · පි. 564

مَنَّاعٍ لِلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ12

යහපත වළක්වන්නෙකි. සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. පාපිෂ්ඨයෙකි.
68:13ජුස් 29 · පි. 564

عُتُلٍّ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ13

හිතුවක්කාරයෙකි. ඊටත් වඩා ඔහු අවජාතකයෙකි.
68:14ජුස් 29 · පි. 564

أَنْ كَانَ ذَا مَالٍ وَبَنِينَ14

ඔහු වස්තුව හා දරුවන් සතු ව සිටි කෙනෙකු වූ බැවින්
68:15ජුස් 29 · පි. 564

إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ15

ඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ ගොතපු කතා යැ”යි කියයි.
68:16ජුස් 29 · පි. 564

سَنَسِمُهُ عَلَى الْخُرْطُومِ16

හොඬවැල මත අපි ඔහුට සලකුණු තබන්නෙමු.
68:17ජුස් 29 · පි. 565

إِنَّا بَلَوْنَاهُمْ كَمَا بَلَوْنَا أَصْحَابَ الْجَنَّةِ إِذْ أَقْسَمُوا لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ17

උයන් වැසියන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන්ම නියත වශයෙන්ම අපි (මක්කාවාසීන් වන) මොවුන් ව ද පරීක්ෂාවට ලක් කළෙමු. තමන් උදෑසනම එය (අස්වැනු) නෙළන්නට සපථ කර ගත්තෝය.
68:18ජුස් 29 · පි. 565

وَلَا يَسْتَثْنُونَ18

ඔවුන් අල්ලාහ්ගේ අභිමතය ගැන සඳහන් නොකර
68:19ජුස් 29 · පි. 565

فَطَافَ عَلَيْهَا طَائِفٌ مِنْ رَبِّكَ وَهُمْ نَائِمُونَ19

ඔවුන් නිදමින් සිටිය දී නුඹගේ පරමාධිපතිගෙන් වූ වැටලීමක් එය වටලා ගත්තේය.
68:20ජුස් 29 · පි. 565

فَأَصْبَحَتْ كَالصَّرِيمِ20

එවිට එය (ගිනිබත් වී) ඝනාන්ධකාරයක් මෙන් විය.
68:21ජුස් 29 · පි. 565

فَتَنَادَوْا مُصْبِحِينَ21

ඔවුහු උදෑසන එකිනෙකා අමතන්නන් වූහ.
68:22ජුස් 29 · පි. 565

أَنِ اغْدُوا عَلَىٰ حَرْثِكُمْ إِنْ كُنْتُمْ صَارِمِينَ22

නුඹලා නෙළන්නන් වූයෙහු නම් නුඹලාගේ ගොවි බිමට උදෑසන යා යුතු යැයි
68:23ජුස් 29 · පි. 565

فَانْطَلَقُوا وَهُمْ يَتَخَافَتُونَ23

රහසිගත ව කතා කරමින් ගමන් කළෝය.
68:24ජුස් 29 · පි. 565

أَنْ لَا يَدْخُلَنَّهَا الْيَوْمَ عَلَيْكُمْ مِسْكِينٌ24

එවිට අද දින නුඹලා වෙත කිසිදු දිළිඳෙකු එයට ඇතුළු නොවිය යුතු යැයි ද
68:25ජුස් 29 · පි. 565

وَغَدَوْا عَلَىٰ حَرْدٍ قَادِرِينَ25

තවද නෙළීමට ශක්තිය ඇත්තන් ලෙසින් ඔවුහු උදෑසන පිටත් වූහ.
68:26ජුස් 29 · පි. 565

فَلَمَّا رَأَوْهَا قَالُوا إِنَّا لَضَالُّونَ26

එවිට ඔවුහු එය දුටු කල්හි නියත වශයෙන්ම අපි මුළා වූවෝ වෙමු.
68:27ජුස් 29 · පි. 565

بَلْ نَحْنُ مَحْرُومُونَ27

එසේ නොව අපි අහිමි කරනු ලැබූවෝ වෙමු.
68:28ජුස් 29 · පි. 565

قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُلْ لَكُمْ لَوْلَا تُسَبِّحُونَ28

නුඹලා (අල්ලාහ්ට) සුවිශුද්ධ කළ යුතු නොවේ දැයි මම නුඹලාට නොකීවෙම් දැ?යි ඔවුන් අතුරින් මධ්‍යස්ථ අයෙකු කීවේය.
68:29ජුස් 29 · පි. 565

قَالُوا سُبْحَانَ رَبِّنَا إِنَّا كُنَّا ظَالِمِينَ29

“අපගේ පරමාධිපති සුවිශුද්ධය. නියත වශයෙන්ම අපි අපරාධකරුවන් වූයෙමු” යැයි ඔවුහු පැවසූහ.
68:30ජුස් 29 · පි. 565

فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَلَاوَمُونَ30

එවිට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට දොස් නගමින් ඉදිරියට ආහ.
68:31ජුස් 29 · පි. 565

قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا طَاغِينَ31

“අහෝ! අපගේ විනාශය. නියත වශයෙන්ම අපි සීමාව ඉක්මවා යන්නන් වූයෙමු” යැයි ඔවුහු පැවසූහ.
68:32ජුස් 29 · පි. 565

عَسَىٰ رَبُّنَا أَنْ يُبْدِلَنَا خَيْرًا مِنْهَا إِنَّا إِلَىٰ رَبِّنَا رَاغِبُونَ32

“මීට වඩා යහපත් දෙයක් අපගේ පරමාධිපති අපට පෙරළා දෙන්නට පුළුවන. නියත වශයෙන් අපි අපගේ පරමාධිපති වෙත අපේක්ෂා කරන්නන් වෙමු.”
68:33ජුස් 29 · පි. 565

كَذَٰلِكَ الْعَذَابُ ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ33

එම දඬුවම එලෙසමය. තවද මතු ලොවෙහි දඬුවම අති බිහිසුණුය. ඒ ගැන ඔවුහු දැන සිටියාහු නම්.
68:34ජුස් 29 · පි. 565

إِنَّ لِلْمُتَّقِينَ عِنْدَ رَبِّهِمْ جَنَّاتِ النَّعِيمِ34

නියත වශයෙන්ම බිය බැතිමතුන්ට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත.
68:35ජුස් 29 · පි. 565

أَفَنَجْعَلُ الْمُسْلِمِينَ كَالْمُجْرِمِينَ35

එහෙයින් අවනත වූවන් වැරදිකරුවන් මෙන් අපි පත් කරන්නෙමුද?
68:36ජුස් 29 · පි. 565

مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ36

නුඹලාට කුමක්වීද? නුඹලා තීන්දු කරනුයේ කෙසේද?
68:37ජුස් 29 · පි. 565

أَمْ لَكُمْ كِتَابٌ فِيهِ تَدْرُسُونَ37

නුඹලා හදාරන පුස්තකයක් නුඹලාට එහි වීද?
68:38ජුස් 29 · පි. 565

إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ38

නුඹලා තෝරා ගන්නා දෑ එහි නුඹලාට ඇතැයි සඳහන්
68:39ජුස් 29 · පි. 565

أَمْ لَكُمْ أَيْمَانٌ عَلَيْنَا بَالِغَةٌ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۙ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ39

එසේ නැතහොත් නුඹලා තීන්දු කරන දෑ නියත වශයෙන්ම නුඹලාට සතු යැයි පවසන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් පවතින ගිවිසුමක් අප වෙතින් නුඹලාට තිබේද?
68:40ජුස් 29 · පි. 565

سَلْهُمْ أَيُّهُمْ بِذَٰلِكَ زَعِيمٌ40

මෙයට ඇප වන්නේ ඔවුන්ගෙන් කවරෙකු දැයි නුඹ ඔවුන්ගෙන් විමසනු.
68:41ජුස් 29 · පි. 565

أَمْ لَهُمْ شُرَكَاءُ فَلْيَأْتُوا بِشُرَكَائِهِمْ إِنْ كَانُوا صَادِقِينَ41

එසේ නොමැතිනම් ඔවුනට හවුල්කරුවන් සිටිත් ද? එසේනම් ඔවුහු සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඔවුන්ගේ එම හවුල්කරුවන් ඔවුන් ගෙනෙත්වා!
68:42ජුස් 29 · පි. 565

يَوْمَ يُكْشَفُ عَنْ سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ42

එදින කෙණ්ඩයෙන් නිරාවරණය කරනු ලැබේ. තවද සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලැබේ. එවිට ඔවුහු (ඒ සඳහා) හැකියාව නොදරති.
68:43ජුස් 29 · පි. 566

خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۖ وَقَدْ كَانُوا يُدْعَوْنَ إِلَى السُّجُودِ وَهُمْ سَالِمُونَ43

ඔවුන්ගේ බැල්ම පහත හෙළී පවතී. නින්දාව ඔවුන් වෙළා ගනී. ඔවුන් නිරෝගිව සිටිය දී සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නන් වූහ. (නමුත් ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ.)
68:44ජුස් 29 · පි. 566

فَذَرْنِي وَمَنْ يُكَذِّبُ بِهَٰذَا الْحَدِيثِ ۖ سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ44

එහෙයින් නුඹ මා හා මෙම ප්‍රකාශය බොරු කළවුන් අතහැර දමනු. ඔවුන් නොදන්නා පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් හසු කර ගන්නෙමු.
68:45ජුස් 29 · පි. 566

وَأُمْلِي لَهُمْ ۚ إِنَّ كَيْدِي مَتِينٌ45

තවද මම ඔවුනට කාල අවකාශය දෙමි. නියත වශයෙන්ම මාගේ උපක්‍රමය තිරසාරය.
68:46ජුස් 29 · පි. 566

أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُمْ مِنْ مَغْرَمٍ مُثْقَلُونَ46

එසේ නැතහොත් ඔවුන්ගෙන් නුඹ යම් කුලියක් ඉල්ලන්නෙහි ද? ඔවුන් ණය බරින් පෙළෙන්නන් වෙත්ද?
68:47ජුස් 29 · පි. 566

أَمْ عِنْدَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ47

එසේ නැතහොත් ඔවුන් වෙත ගුප්ත ඥානය තිබී ඔවුහු එය ලියන්නෝද?
68:48ජුස් 29 · පි. 566

فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُنْ كَصَاحِبِ الْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ48

එහෙයින් නුඹගේ පරමාධිපතිගේ තීන්දුවට නුඹ ඉවසීමෙන් සිටිනු. තවද නුඹ මත්සයා හා සම්බන්ධ පුද්ගලයා මෙන් නොවනු. ඔහු ශෝකයට පත් කරනු ලැබූවෙකු ලෙසින් (තම පරමාධිපති) ඇමතූ අවස්ථාව සිහියට නගනු.
68:49ජුස් 29 · පි. 566

لَوْلَا أَنْ تَدَارَكَهُ نِعْمَةٌ مِنْ رَبِّهِ لَنُبِذَ بِالْعَرَاءِ وَهُوَ مَذْمُومٌ49

ඔහුගේ පරමාධිපතිගේ පිහිට ඔහු වෙත ළඟා නොවූයේ නම් ඔහු අවමානයට ලක් කරනු ලැබූ තත්ත්වයේ නිසරු වෙරළට විසි කරනු ලබන්නට තිබුණි.
68:50ජුස් 29 · පි. 566

فَاجْتَبَاهُ رَبُّهُ فَجَعَلَهُ مِنَ الصَّالِحِينَ50

නමුත් ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගත්තේය. එවිට ඔහු ව දැහැමියන් අතරට පත් කළේය.
68:51ජුස් 29 · පි. 566

وَإِنْ يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَجْنُونٌ51

තවද ප්‍රතික්ෂේප කළවුන් අනුශාසනාවට සවන් දුන් කල්හි ඔවුන්ගේ බැල්මෙන් ඔවුහු නුඹ ව ලිස්සා වට්ටන්නට තැත් කරති. “නියත වශයෙන්ම ඔහු උම්මත්තකයකු යැ”යි ඔවුහු පවසති.
68:52ජුස් 29 · පි. 566

وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ52

එහෙත් එය ලෝවැසියන්ට උපදෙසක් මිස නැත.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Ali Jaber - Al-Qalam · Tlawati