සූරා 68 · ජුස් 29
Al-Qalam · 68:51
وَإِنْ يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَجْنُونٌ
තවද ප්රතික්ෂේප කළවුන් අනුශාසනාවට සවන් දුන් කල්හි ඔවුන්ගේ බැල්මෙන් ඔවුහු නුඹ ව ලිස්සා වට්ටන්නට තැත් කරති. “නියත වශයෙන්ම ඔහු උම්මත්තකයකු යැ”යි ඔවුහු පවසති.
තෆ්සීර්
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් බොරු කළවුන් වනාහි, ඔවුන් නුඹ වෙත තියුණු හා දරුණු බැල්මක් හෙළා නුඹව හසු කරන්නට බලති. නමුත් නුඹ වෙත පහළ කරන ලද මෙම කුර්ආනයට ඔවුන් සවන් දුන් කල්හි ඔවුන් තම ආශාවන් පිළිපදිමින් සත්ය පිටු දකිමින් මෙය ගෙන ආ දූතයා උම්මත්තකයකු යැයි පවසති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න