සූරා 68 · ජුස් 29
Al-Qalam · 68:48
فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُنْ كَصَاحِبِ الْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ තීන්දුවට නුඹ ඉවසීමෙන් සිටිනු. තවද නුඹ මත්සයා හා සම්බන්ධ පුද්ගලයා මෙන් නොවනු. ඔහු ශෝකයට පත් කරනු ලැබූවෙකු ලෙසින් (තම පරමාධිපති) ඇමතූ අවස්ථාව සිහියට නගනු.
තෆ්සීර්
අහෝ දූතය, ඔවුන් පියවරෙන් පියවර හසුකර ගැනීම සඳහා ඔවුන් අතහැර දමන මෙන් ඔබේ පරමාධිපති කළ තීන්දුව ගැන ඔබ ඉවසීමෙන් සිටිනු. තම සමූහයා අතරින් ඉවත් ව ගිය මත්සය කතාවට අදාළ යූනුස් අලය්හිස් සලාම් තුමා මෙන් ඔබ නොවනු. එවිට ඔහු මත්ස කුස අඳුරෙහි හා සාගර අඳුරෙහි පීඩාවට පත්ව තම පරමාධිපති ඇමතූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න