يَا أَيُّهَا الْمُدَّثِّرُ1
අහෝ පොරවා ගෙන සිටින්නාණනි!
قُمْ فَأَنْذِرْ2
නුඹ නැගී සිට, අවවාද කරනු.
وَرَبَّكَ فَكَبِّرْ3
තවද නුඹගේ පරමාධිපති උත්කෘෂ්ට කරනු.
وَثِيَابَكَ فَطَهِّرْ4
තවද නුඹගේ වස්ත්රය පිරිසිදු කරනු.
وَالرُّجْزَ فَاهْجُرْ5
තවද කිලිට්ටෙන් වළකිනු.
وَلَا تَمْنُنْ تَسْتَكْثِرُ6
නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නොකරනු.
وَلِرَبِّكَ فَاصْبِرْ7
තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු.
فَإِذَا نُقِرَ فِي النَّاقُورِ8
හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට
فَذَٰلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ9
එය දුෂ්කර දිනයක් වනු ඇත.
عَلَى الْكَافِرِينَ غَيْرُ يَسِيرٍ10
දේව ප්රතික්ෂේපකයින්ට පහසු නොවන
ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا11
මා හා මා මැවූ අය නුඹ තනි ව අත හැර දමනු.
وَجَعَلْتُ لَهُ مَالًا مَمْدُودًا12
තවද මම ඔහුට දිගු වශයෙන් ධනය ද
وَبَنِينَ شُهُودًا13
ඉදිරියේ සිටින දරුවන් ද ඇති කළෙමි.
وَمَهَّدْتُ لَهُ تَمْهِيدًا14
තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ15
පසු ව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්රිය කරන්නේය.
كَلَّا ۖ إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا16
එසේ නොව නියත වශයෙන්ම ඔහු අපගේ වදන් වලට විරුද්ධ විය.
سَأُرْهِقُهُ صَعُودًا17
ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.
إِنَّهُ فَكَّرَ وَقَدَّرَ18
නියත වශයෙන්ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේය.
فَقُتِلَ كَيْفَ قَدَّرَ19
ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ20
පසු ව ද ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
ثُمَّ نَظَرَ21
පසු ව ඔහු අධීක්ෂණය කර බැලීය.
ثُمَّ عَبَسَ وَبَسَرَ22
පසු ව ඔහු රවා කිපුණේය.
ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ23
පසු ව ඔහු පිටු පා උඩඟු විය.
فَقَالَ إِنْ هَٰذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ24
එවිට මෙය පැවත එන හූනියමක් මිස නැත.
إِنْ هَٰذَا إِلَّا قَوْلُ الْبَشَرِ25
මෙය මිනිසාගේ ප්රකාශයක් මිස නැතැයි” ඔහු පැවසුවේය.
سَأُصْلِيهِ سَقَرَ26
මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.
وَمَا أَدْرَاكَ مَا سَقَرُ27
සකර් යනු කුමක්දැ?යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
لَا تُبْقِي وَلَا تَذَرُ28
එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නොදමයි.
لَوَّاحَةٌ لِلْبَشَرِ29
සම දැඩි ලෙස දවාලන්නකි
عَلَيْهَا تِسْعَةَ عَشَرَ30
ඒ මත දහනව දෙනෙකි.
وَمَا جَعَلْنَا أَصْحَابَ النَّارِ إِلَّا مَلَائِكَةً ۙ وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِلَّذِينَ كَفَرُوا لِيَسْتَيْقِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَيَزْدَادَ الَّذِينَ آمَنُوا إِيمَانًا ۙ وَلَا يَرْتَابَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْمُؤْمِنُونَ ۙ وَلِيَقُولَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ وَالْكَافِرُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَٰذَا مَثَلًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۚ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ ۚ وَمَا هِيَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ31
නිරයේ සගයින් මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නොකළෙමු. දෙවියන් ප්රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නොකළෙමු. එය දේව ග්රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත්ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් දේව ග්රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නොකරනු පිණිසත්ය. එමෙන්ම මෙමගින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක්දැයි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්රතික්ෂේප කළවුන් පවසනු පිණිසත්ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නොදනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
كَلَّا وَالْقَمَرِ32
එසේ නොව සඳු මත දිවුරමින්
وَاللَّيْلِ إِذْ أَدْبَرَ33
රාත්රිය ගෙවී යන විට එය මත දිවුරමින්.
وَالصُّبْحِ إِذَا أَسْفَرَ34
අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.
إِنَّهَا لَإِحْدَى الْكُبَرِ35
නියත වශයෙන්ම එය (නිරය) බලවත් දැයින් එකකි.
نَذِيرًا لِلْبَشَرِ36
මිනිසාට අවවාදයක් වශයෙනි.
لِمَنْ شَاءَ مِنْكُمْ أَنْ يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ37
එය නුඹලා අතුරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.
كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ38
සෑම ආත්මයක්ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපය.
إِلَّا أَصْحَابَ الْيَمِينِ39
නමුත් දකුණුපස ජනයා හැර.
فِي جَنَّاتٍ يَتَسَاءَلُونَ40
ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.
عَنِ الْمُجْرِمِينَ41
වැරදි කරුවන්ගෙන්
مَا سَلَكَكُمْ فِي سَقَرَ42
නුඹලා සකර් තුළට ගෙන ආවේ කුමක්දැයි
قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ43
අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නොවූයෙමු යැයි ඔවුහු පැවසූහ.
وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ44
තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු.
وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ45
තවද අපි ඵලක් නැත්තන් සමග වී නිෂ්ඵල කතාවන්හි නිරත ව සිටියෙමු.
وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ46
තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
حَتَّىٰ أَتَانَا الْيَقِينُ47
ස්ථීර දෑ අප වෙත පැමිණෙන තෙක්
فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ48
එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නොවන්නේය.
فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِينَ49
එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නේය
كَأَنَّهُمْ حُمُرٌ مُسْتَنْفِرَةٌ50
ඔවුන් තැති ගත් බූරුවන් මෙනි
فَرَّتْ مِنْ قَسْوَرَةٍ51
සිංහ ගොදුරින් පලා යන
بَلْ يُرِيدُ كُلُّ امْرِئٍ مِنْهُمْ أَنْ يُؤْتَىٰ صُحُفًا مُنَشَّرَةً52
එසේ නොව දිගු හරින ලද පත්රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතුරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත.
كَلَّا ۖ بَلْ لَا يَخَافُونَ الْآخِرَةَ53
එසේ නොව ඔවුන් මතු ලොව පිළිබඳ බිය නොවෙති.
كَلَّا إِنَّهُ تَذْكِرَةٌ54
එසේ නොව නියත වශයෙන්ම එය උපදෙසකි.
فَمَنْ شَاءَ ذَكَرَهُ55
එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!
وَمَا يَذْكُرُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ هُوَ أَهْلُ التَّقْوَىٰ وَأَهْلُ الْمَغْفِرَةِ56
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නොලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සාය. එමෙන්ම සමාව දායාද කරන්නට ද සුදුස්සාය.