සූරා 74 · ජුස් 29
Al-Muddaththir · 74:31
وَمَا جَعَلْنَا أَصْحَابَ النَّارِ إِلَّا مَلَائِكَةً ۙ وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِلَّذِينَ كَفَرُوا لِيَسْتَيْقِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَيَزْدَادَ الَّذِينَ آمَنُوا إِيمَانًا ۙ وَلَا يَرْتَابَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْمُؤْمِنُونَ ۙ وَلِيَقُولَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ وَالْكَافِرُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَٰذَا مَثَلًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۚ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ ۚ وَمَا هِيَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ
නිරයේ සගයින් මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නොකළෙමු. දෙවියන් ප්රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නොකළෙමු. එය දේව ග්රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත්ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් දේව ග්රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නොකරනු පිණිසත්ය. එමෙන්ම මෙමගින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක්දැයි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්රතික්ෂේප කළවුන් පවසනු පිණිසත්ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නොදනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
තෆ්සීර්
නිරයේ භාරකරුවන් ලෙස මලක්වරුන් මිස වෙනත් කිසිවෙකු අපි පත් නො කළෙමු. එහෙයින් මිනිස් වර්ගයාට ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට කිසිදු ශක්තියක් නැත. ඔවුන්ගේ සංඛ්යාව අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන් හට පරීක්ෂණයක් ලෙසින් මිස පත් නො කළෙමු. එය ඔවුන් පවසන දෑ පවසා ඒ හේතුවෙන් ඔවුන් මත දඬුවම ගුණ කර දෙනු ලබන පිණිසය. තවද තව්රාතය දෙනු ලැබූ යුදෙව්වන් හා ඉන්ජීලය දෙනු ලැබූ කිතුනුවන් ඔවුන්ගේ එම ග්රන්ථ තහවුරු කරමින් අල් කුර්ආනය පහළ වන අවස්ථාවේ ඔවුන් දැඩි සේ විශ්වාස කරනු පිණිසය. තවද දෙවියන් විශ්වාස කරන්නන් ආගම් ලත් ජනයා සමග අනුගත වන විට ඔවුන්ගේ විශ්වාසය වර්ධනය වී යුදෙව්වන් කිතුනුවන් හා දෙවියන් විශ්වාස කරන්නන් ඒ ගැන සැක ඇති කර නො ගනු පිණිසය. දේව විශ්වාසය තුළ දෙගිඩියාවෙන් පෙළෙන්නන් හා දෙවියන් ප්රතික්ෂේප කරන්නන්, ‘මෙම සුලබ සංඛයාවකින් අල්ලාහ් අපේක්ෂා කරනුයේ කුමක් ද?' යැයි විමසා සිටිනු පිණිසය. මෙම සංඛ්යාව පිටු දකින්නා නොමග යෑමත්, එය තහවුරු කරන්නාට මග ලැබීමත්, මෙහි උදාහරණ ලෙස දක්වා ඇත. අල්ලාහ් නොමග යැවීමට අභිමත කරන්නන් නොමග යන්නට ඉඩ හරිනු ඇත. එමෙන්ම යහමග පෙන්වීමට අපේක්ෂා කරන්නන් යහමග යොමු කරනු ඇත. ඔබේ පරමාධිපතිගේ සේනාවේ අධිකත්වය ඔහු හැර වෙනත් කිසිවෙකු නො දනී. නිරා ගින්න මිනිස් වර්ගයාට මෙනෙහි කිරීමක් මිස නැත. එමගින් ඔවුහු පාරිශුද්ධ වූ අල්ලාහ්ගේ බල මහිමය හඳුනා ගනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න