සූරා 74 · ජුස් 29

Al-Muddaththir · 74:56

وَمَا يَذْكُرُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ هُوَ أَهْلُ التَّقْوَىٰ وَأَهْلُ الْمَغْفِرَةِ

අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නොලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සාය. එමෙන්ම සමාව දායාද කරන්නට ද සුදුස්සාය.

තෆ්සීර්

ඔවුන් උපදෙස් ලබන්නට අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුන් උපදෙස් නොලබනු ඇත. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසුවීමට ඔහුම සුදුස්සා වේ. එමෙන්ම තම ගැත්තන් ඔහු වෙත පාපක්ෂමාව අයැද සිටින විට, ඔවුන්ගේ පාපකම්වලට සමාව දීමට ඔහුම වඩාත් සුදුස්සා වේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න