Al-Muddaththir

سورة المدثر

සූරා 74 · මක්කා · 56 පද

74:1ජුස් 29 · පි. 575

يَا أَيُّهَا الْمُدَّثِّرُ1

අහෝ පොරවා ගෙන සිටින්නාණනි!
74:2ජුස් 29 · පි. 575

قُمْ فَأَنْذِرْ2

නුඹ නැගී සිට, අවවාද කරනු.
74:3ජුස් 29 · පි. 575

وَرَبَّكَ فَكَبِّرْ3

තවද නුඹගේ පරමාධිපති උත්කෘෂ්ට කරනු.
74:4ජුස් 29 · පි. 575

وَثِيَابَكَ فَطَهِّرْ4

තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු.
74:5ජුස් 29 · පි. 575

وَالرُّجْزَ فَاهْجُرْ5

තවද කිලිට්ටෙන් වළකිනු.
74:6ජුස් 29 · පි. 575

وَلَا تَمْنُنْ تَسْتَكْثِرُ6

නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නොකරනු.
74:7ජුස් 29 · පි. 575

وَلِرَبِّكَ فَاصْبِرْ7

තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු.
74:8ජුස් 29 · පි. 575

فَإِذَا نُقِرَ فِي النَّاقُورِ8

හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට
74:9ජුස් 29 · පි. 575

فَذَٰلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ9

එය දුෂ්කර දිනයක් වනු ඇත.
74:10ජුස් 29 · පි. 575

عَلَى الْكَافِرِينَ غَيْرُ يَسِيرٍ10

දේව ප්‍රතික්ෂේපකයින්ට පහසු නොවන
74:11ජුස් 29 · පි. 575

ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا11

මා හා මා මැවූ අය නුඹ තනි ව අත හැර දමනු.
74:12ජුස් 29 · පි. 575

وَجَعَلْتُ لَهُ مَالًا مَمْدُودًا12

තවද මම ඔහුට දිගු වශයෙන් ධනය ද
74:13ජුස් 29 · පි. 575

وَبَنِينَ شُهُودًا13

ඉදිරියේ සිටින දරුවන් ද ඇති කළෙමි.
74:14ජුස් 29 · පි. 575

وَمَهَّدْتُ لَهُ تَمْهِيدًا14

තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
74:15ජුස් 29 · පි. 575

ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ15

පසු ව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්‍රිය කරන්නේය.
74:16ජුස් 29 · පි. 575

كَلَّا ۖ إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا16

එසේ නොව නියත වශයෙන්ම ඔහු අපගේ වදන් වලට විරුද්ධ විය.
74:17ජුස් 29 · පි. 575

سَأُرْهِقُهُ صَعُودًا17

ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.
74:18ජුස් 29 · පි. 575

إِنَّهُ فَكَّرَ وَقَدَّرَ18

නියත වශයෙන්ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේය.
74:19ජුස් 29 · පි. 576

فَقُتِلَ كَيْفَ قَدَّرَ19

ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
74:20ජුස් 29 · පි. 576

ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ20

පසු ව ද ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
74:21ජුස් 29 · පි. 576

ثُمَّ نَظَرَ21

පසු ව ඔහු අධීක්ෂණය කර බැලීය.
74:22ජුස් 29 · පි. 576

ثُمَّ عَبَسَ وَبَسَرَ22

පසු ව ඔහු රවා කිපුණේය.
74:23ජුස් 29 · පි. 576

ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ23

පසු ව ඔහු පිටු පා උඩඟු විය.
74:24ජුස් 29 · පි. 576

فَقَالَ إِنْ هَٰذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ24

එවිට මෙය පැවත එන හූනියමක් මිස නැත.
74:25ජුස් 29 · පි. 576

إِنْ هَٰذَا إِلَّا قَوْلُ الْبَشَرِ25

මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි” ඔහු පැවසුවේය.
74:26ජුස් 29 · පි. 576

سَأُصْلِيهِ سَقَرَ26

මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.
74:27ජුස් 29 · පි. 576

وَمَا أَدْرَاكَ مَا سَقَرُ27

සකර් යනු කුමක්දැ?යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
74:28ජුස් 29 · පි. 576

لَا تُبْقِي وَلَا تَذَرُ28

එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නොදමයි.
74:29ජුස් 29 · පි. 576

لَوَّاحَةٌ لِلْبَشَرِ29

සම දැඩි ලෙස දවාලන්නකි
74:30ජුස් 29 · පි. 576

عَلَيْهَا تِسْعَةَ عَشَرَ30

ඒ මත දහනව දෙනෙකි.
74:31ජුස් 29 · පි. 576

وَمَا جَعَلْنَا أَصْحَابَ النَّارِ إِلَّا مَلَائِكَةً ۙ وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِلَّذِينَ كَفَرُوا لِيَسْتَيْقِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَيَزْدَادَ الَّذِينَ آمَنُوا إِيمَانًا ۙ وَلَا يَرْتَابَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْمُؤْمِنُونَ ۙ وَلِيَقُولَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ وَالْكَافِرُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَٰذَا مَثَلًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۚ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ ۚ وَمَا هِيَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ31

නිරයේ සගයින් මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නොකළෙමු. දෙවියන් ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නොකළෙමු. එය දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත්ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නොකරනු පිණිසත්ය. එමෙන්ම මෙමගින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක්දැයි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත්ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නොදනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
74:32ජුස් 29 · පි. 576

كَلَّا وَالْقَمَرِ32

එසේ නොව සඳු මත දිවුරමින්
74:33ජුස් 29 · පි. 576

وَاللَّيْلِ إِذْ أَدْبَرَ33

රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්.
74:34ජුස් 29 · පි. 576

وَالصُّبْحِ إِذَا أَسْفَرَ34

අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.
74:35ජුස් 29 · පි. 576

إِنَّهَا لَإِحْدَى الْكُبَرِ35

නියත වශයෙන්ම එය (නිරය) බලවත් දැයින් එකකි.
74:36ජුස් 29 · පි. 576

نَذِيرًا لِلْبَشَرِ36

මිනිසාට අවවාදයක් වශයෙනි.
74:37ජුස් 29 · පි. 576

لِمَنْ شَاءَ مِنْكُمْ أَنْ يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ37

එය නුඹලා අතුරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.
74:38ජුස් 29 · පි. 576

كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ38

සෑම ආත්මයක්ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපය.
74:39ජුස් 29 · පි. 576

إِلَّا أَصْحَابَ الْيَمِينِ39

නමුත් දකුණුපස ජනයා හැර.
74:40ජුස් 29 · පි. 576

فِي جَنَّاتٍ يَتَسَاءَلُونَ40

ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.
74:41ජුස් 29 · පි. 576

عَنِ الْمُجْرِمِينَ41

වැරදි කරුවන්ගෙන්
74:42ජුස් 29 · පි. 576

مَا سَلَكَكُمْ فِي سَقَرَ42

නුඹලා සකර් තුළට ගෙන ආවේ කුමක්දැයි
74:43ජුස් 29 · පි. 576

قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ43

අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නොවූයෙමු යැයි ඔවුහු පැවසූහ.
74:44ජුස් 29 · පි. 576

وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ44

තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු.
74:45ජුස් 29 · පි. 576

وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ45

තවද අපි ඵලක් නැත්තන් සමග වී නිෂ්ඵල කතාවන්හි නිරත ව සිටියෙමු.
74:46ජුස් 29 · පි. 576

وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ46

තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
74:47ජුස් 29 · පි. 576

حَتَّىٰ أَتَانَا الْيَقِينُ47

ස්ථීර දෑ අප වෙත පැමිණෙන තෙක්
74:48ජුස් 29 · පි. 577

فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ48

එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නොවන්නේය.
74:49ජුස් 29 · පි. 577

فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِينَ49

එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නේය
74:50ජුස් 29 · පි. 577

كَأَنَّهُمْ حُمُرٌ مُسْتَنْفِرَةٌ50

ඔවුන් තැති ගත් බූරුවන් මෙනි
74:51ජුස් 29 · පි. 577

فَرَّتْ مِنْ قَسْوَرَةٍ51

සිංහ ගොදුරින් පලා යන
74:52ජුස් 29 · පි. 577

بَلْ يُرِيدُ كُلُّ امْرِئٍ مِنْهُمْ أَنْ يُؤْتَىٰ صُحُفًا مُنَشَّرَةً52

එසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතුරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත.
74:53ජුස් 29 · පි. 577

كَلَّا ۖ بَلْ لَا يَخَافُونَ الْآخِرَةَ53

එසේ නොව ඔවුන් මතු ලොව පිළිබඳ බිය නොවෙති.
74:54ජුස් 29 · පි. 577

كَلَّا إِنَّهُ تَذْكِرَةٌ54

එසේ නොව නියත වශයෙන්ම එය උපදෙසකි.
74:55ජුස් 29 · පි. 577

فَمَنْ شَاءَ ذَكَرَهُ55

එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!
74:56ජුස් 29 · පි. 577

وَمَا يَذْكُرُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ هُوَ أَهْلُ التَّقْوَىٰ وَأَهْلُ الْمَغْفِرَةِ56

අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නොලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සාය. එමෙන්ම සමාව දායාද කරන්නට ද සුදුස්සාය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න