සූරා 9 · ජුස් 10

At-Tawbah · 9:4

إِلَّا الَّذِينَ عَاهَدْتُمْ مِنَ الْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنْقُصُوكُمْ شَيْئًا وَلَمْ يُظَاهِرُوا عَلَيْكُمْ أَحَدًا فَأَتِمُّوا إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ

නමුත් ආදේශ කරන්නන් අතුරින් නුඹලා ගිවිස ගත් පසු නුඹලාට (එම ගිවිසුමෙහි) කිසිදු අඩුවක් නොකර නුඹලාට එරෙහි ව කිසිවෙකුට උර නොදුන් අය හැර. එහෙයින් ඔවුන්ගේ නියමිත කාලය දක්වා ඔවුන්ගේ ගිවිසුම ඔවුන් වෙත පූර්ණ ව ඉටු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.

තෆ්සීර්

නමුත්, දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් නුඹලා ඔවුන් සමග ගිවිසුම් ඇති කර ගත් අය හැර. ඔවුන් නුඹලාගේ ගිවිසුම ඉටු කළෝය. ඒ කිසිවක් ඔවුන් උල්ලංඝනය නොකළෝය. පෙර සඳහන් නීතියෙන් ඔවුන් වෙන් වන්නෝ වෙති. එහෙයින් ඔවුන්ගේ ගිවිසුම් එහි නියමිත කාලය අවසන් වන තෙක් ඔවුන් වෙනුවෙන් ඉටු කරනු. අල්ලාහ් ඔහුගේ නියෝග පිළිපදින බැතිමතුන්ට ප්රිය කරන්නේය. ගිවිසුම ඉටු කිරීමත් ඉන් එකකි. එමෙන්ම ඔහු තහනම් කළ දැයින් හා ගිවිසුම කඩ කිරීමෙන් වැළකී සිටින බැතිමතුන්ට ද ප්රිය කරන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න