සූරා 9 · ජුස් 10
At-Tawbah · 9:3
وَأَذَانٌ مِنَ اللَّهِ وَرَسُولِهِ إِلَى النَّاسِ يَوْمَ الْحَجِّ الْأَكْبَرِ أَنَّ اللَّهَ بَرِيءٌ مِنَ الْمُشْرِكِينَ ۙ وَرَسُولُهُ ۚ فَإِنْ تُبْتُمْ فَهُوَ خَيْرٌ لَكُمْ ۖ وَإِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللَّهِ ۗ وَبَشِّرِ الَّذِينَ كَفَرُوا بِعَذَابٍ أَلِيمٍ
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ආදේශ තබන්නන් ගෙන් ඉවත් විය. (මේ බව) මහා හජ් දිනයෙහි අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් වූ දැනුම් දීමය. නුඹලා පශ්චාත්තාප වී මිදුණේ නම් එවිට එය නුඹලාට යහපත්ය. තවද නුඹලා පිටුපෑවෙහු නම් එවිට සැබැවින්ම නුඹලා අල්ලාහ් ව නිෂ්ඵල කරන්නට හැකියාවන්ත නොවන බව දැනගනු. ප්රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි දන් වනු.
තෆ්සීර්
‘යව්මුන් නහ්ර්’ හෙවත් හජ් අවුරුදු දිනක සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තබන්නන්ගේ බන්ධනයෙන් නිදහස් වූ බවටත් එලෙසම ඔහුගේ දූතයාණන් ද ඔවුන්ගේ බන්ධනයෙන් නිදහස් වූ බවටත් අල්ලාහ්ගෙන් වූ දැනුම් දීමක් මෙන්ම ඔහුගේ දූතයාණන්ගෙන් වූ දැනුම් දීමකි. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා තබන ආදේශයෙන් මිදී පාප ක්ෂමා ව අයැද සිටියේ නම් නුඹලාගේ පාප ක්ෂමා ව නුඹලාට යහපතක් වනු ඇත. පාප ක්ෂමා ව අයැදීමට නුඹලා පිටුපාන්නෙහු නම් ස්ථීර ව දැන ගනු! නුඹලා අල්ලාහ්ගෙන් මිදෙන්නේ නැත. ඔහුගේ දඬුවමින් ගැලවෙන්නේ ද නැත. අහෝ දූතය! ප්රතික්ෂේප කළ ඔවුනට අත්වන අභාග්යය පිළිබඳ තොරතුරු ඔවුනට දන්වා සිටිනු. එය ඔවුන් පිළිබඳ අපේක්ෂාවෙන් සිටින වේදනා සහගත දඬුවමකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න