සූරා 85 · ජුස් 30

Al-Buruj · 85:10

إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ

නියත වශයෙන්ම විශ්වාස කරන පිරිමින්ට හා විශ්වාස කරන කාන්තාවන්ට හිංසා කර, පසු ව පශ්චාත්තාප නොවූවන් වන ඔවුනට නිරයේ දඬුවම ද තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.

තෆ්සීර්

දෙවියන් විශ්වාස කරන්නන්හට හා දෙවියන් විශ්වාස කරන්නියන්හට හිංසා පීඩා කරමින් දඬුවම් දුන් අය, අල්ලාහ්ව පමණක් විශ්වාස කිරීමෙන් ඔවුහු වෙනතකට යොමු කිරීමට උත්සාහ කළහ. පසුව ඔවුන් කළ පාපයෙන් මිදෙන්නට අල්ලාහ් වෙත පසුතැවිලි නොවුනෝය. එබැවින් ඔවුන්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරයේ වේදනාව ඇත. එමෙන්ම ඔවුන් ඇවිළවූ ගින්නේ වේදනාවද ඔවුනට සතු වනු ඇත. එය ඔවුන් දේව විශ්වාස කළවුන්ව එම ගින්නෙන් පුළුස්සා සිදු කළාවූ ඔවුන්ගේ එම අධම ක්රියාව හේතුවෙනි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න