وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ1
ග්රහ මණ්ඩලයන් ගෙන් යුත් අහස මත ද,
وَالْيَوْمِ الْمَوْعُودِ2
ප්රතිඥා දෙනු ලැබූ දිනය මත ද,
وَشَاهِدٍ وَمَشْهُودٍ3
සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.
قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ4
අගල් වැසියෝ (අල්ලාහ් විසින්) විනාශ කරනු ලැබුවෝය.
النَّارِ ذَاتِ الْوَقُودِ5
ඉන්ධන වලින් යුක්ත ගින්නෙන් වූ
إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ6
ඔවුහු ඒ මත වාඩි වී සිටියෝය.
وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ7
එකල් හි විශ්වාස කළවුන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් (ඒ මත වාඩි වී සිටියෝය.)
وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَنْ يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ8
ප්රශංසාලාභී සර්ව බලපරාක්රම අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නොගත්තෝය.
الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ9
අහස් හා මහපොළොවෙහි රාජ්ය බලය සතු (අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන්) තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.
إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ10
නියත වශයෙන්ම විශ්වාස කරන පිරිමින්ට හා විශ්වාස කරන කාන්තාවන්ට හිංසා කර, පසු ව පශ්චාත්තාප නොවූවන් වන ඔවුනට නිරයේ දඬුවම ද තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيرُ11
සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අති මහත් ජයග්රහණය.
إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ12
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ග්රහණය ඉතා දැඩි ය.
إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ13
(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය.
وَهُوَ الْغَفُورُ الْوَدُودُ14
ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය.
ذُو الْعَرْشِ الْمَجِيدُ15
කීර්තිමත් අර්ෂ්හි (රාජ්යයෙහි) හිමිකරු ය.
فَعَّالٌ لِمَا يُرِيدُ16
ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.
هَلْ أَتَاكَ حَدِيثُ الْجُنُودِ17
(නබිවරය) නුඹට ප්රජාවන්ගේ පුවත පැමිණියේ ද?
فِرْعَوْنَ وَثَمُودَ18
ෆිර්අවුන් හා සමූද් (ප්රජාවන්ගේ පුවත පැමිණියේ ද?)
بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍ19
නමුත් ප්රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.
وَاللَّهُ مِنْ وَرَائِهِمْ مُحِيطٌ20
තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.
بَلْ هُوَ قُرْآنٌ مَجِيدٌ21
නමුත් එය කීර්තිමත් කුර්ආනය වේ.
فِي لَوْحٍ مَحْفُوظٍ22
ආරක්ෂා කරනු ලැබූ ඵලකයෙහි වූ