සූරා 8 · ජුස් 9

Al-Anfal · 8:9

إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ فَاسْتَجَابَ لَكُمْ أَنِّي مُمِدُّكُمْ بِأَلْفٍ مِنَ الْمَلَائِكَةِ مُرْدِفِينَ

නුඹලා නුඹලාගේ පරමාධිපති ගෙන් උදව් පතන විට ‘නියත වශයෙන්ම මම මලක්වරුන් දහසක් දෙනා පෙළගස්වා නුඹලාට උදව් කරන්නෙමි’ යැයි ඔහු නුඹලාට පිළිතුරු දුන්නේය.

තෆ්සීර්

බද්ර් දිනයේ නුඹලාගේ සතුරන්ට එරෙහි ව ජය පතා නුඹලා අල්ලාහ්ගෙන් උදව් පැතූ අවස්ථාව මෙනෙහි කරනු. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! එවිට අල්ලාහ් මලක්වරුන් දහසක් දෙනෙකු ඇතැමෙකු ඇතැමෙකුට පර ව පෙළ ගස්වා නුඹලාට උදව් කරුවන් වශයෙන් එවා නුඹලාගේ සේනාව ශක්තිමත් කිරීමෙන් අල්ලාහ් නුඹලාට පිළිතුරු දුන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න