සූරා 8 · ජුස් 9
Al-Anfal · 8:10
وَمَا جَعَلَهُ اللَّهُ إِلَّا بُشْرَىٰ وَلِتَطْمَئِنَّ بِهِ قُلُوبُكُمْ ۚ وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ ۚ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
ශුභාරංචියක් වශයෙන් හා නුඹලාගේ හදවත් එමගින් සැනසුම ලබනු පිණිස මිස අල්ලාහ් එය පත් කළේ නැත. සැබෑ උපකාරය අල්ලාහ්ගෙන් මිස නැත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. සර්ව ප්රඥාවන්තය.
තෆ්සීර්
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! අල්ලාහ් නුඹලාට මලක්වරුන් සැපයූවේ නුඹලාට ශුභාරංචියක් වශයෙනි. එය නුඹලාගේ සතුරන්ට එරෙහි ව නුඹලා ජය ලබන්නටත් ජයග්රහණය පිළිබඳ විශ්වාසය ඇති කර, නුඹලාගේ හදවත් සැනසීමට පත් කිරීමටත්ය. සංඛ්යාවේ අධිකත්වය මුල් කර ගෙන ජය පිහිටන්නේ නැත. සැබැවින්ම ජය ලැබෙනුයේ අල්ලාහ් අබියසිනි. සැබැවින්ම අල්ලාහ් තම ආධිපත්යයේ සර්ව බලධාරීය. කිසිවකු ඔහු අභිබවා යන්නේ නැත. ආගමික නීති පැනවීමෙහි හා නියම කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න