සූරා 8 · ජුස් 9
Al-Anfal · 8:7
وَإِذْ يَعِدُكُمُ اللَّهُ إِحْدَى الطَّائِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ الشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ اللَّهُ أَنْ يُحِقَّ الْحَقَّ بِكَلِمَاتِهِ وَيَقْطَعَ دَابِرَ الْكَافِرِينَ
(සතුරන්ගේ) කණ්ඩායම් දෙකින් එකක් සැබැවින්ම නුඹලාට (හිමි වනු) ඇතැයි අල්ලාහ් නුඹලාට ප්රතිඥා දුන් අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන්ම ආයුධ වලින් තොර වූ එය නුඹලාට විය යුතු යැයි නුඹලා ප්රිය කරන්නෙහුය. අල්ලාහ් ඔහුගේ වදන් තුළින් සත්ය්ය සැබෑ ලෙසින් ස්ථාපිත කිරීමටත් දේව ප්රතික්ෂේපකයින්ගේ මුදුන් මුල කපා හරින්නටත් අපේක්ෂා කරයි.
තෆ්සීර්
අහෝ තර්ක කරන දේව විශ්වාස කරන්නනි! සැබැවින්ම නුඹලාට දේව ආදේශකයින්ගේ දෙපිරිසෙන් එක් පිරිසකගෙන් නුඹලා ජය ලබනු ඇතැයි අල්ලාහ් නුඹලාට ප්රතිඥා දුන් අවස්ථාව මෙනෙහි කර බලනු. එනම් ඔටුවන් හා උන් ප්රවාහනය කළ භාණ්ඩය, සතුරා විසින් අතහැර ගිය භාණ්ඩ ලෙස නුඹලා ඒවා ගත්තෙහුය. අනෙක පුද්ගලයින් හා බැඳුණු පිරිසයි. නුඹලා ඔවුන් සමග යුද වැදී ඔවුනට එරෙහි ව ජය ලබා ගත යුතුව ඇත. කිසිදු යුද්ධයකින් තොරව පහසුවෙන් එම ඔටුවන් අල්ලා ගත හැකි වීමෙන් ජය ලැබීම ගැන නුඹලා සතුටු වන්නෙහුය. එමෙන්ම අල්ලාහ් යුද්ධ කිරීම නුඹලාට නියෝග කරමින් සත්ය තහවුරු කිරීමට අපේක්ෂා කරයි. එය නුඹලා දෙවියන්ට ආදේශ කරන භට පිරිස් සමග සටන් වැද ඉස්ලාමයේ බලය විද්යාමාන වන අයුරින් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සිරගත කිරීමෙනි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න