සූරා 8 · ජුස් 10
Al-Anfal · 8:60
وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَمِنْ رِبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّكُمْ وَآخَرِينَ مِنْ دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ اللَّهُ يَعْلَمُهُمْ ۚ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فِي سَبِيلِ اللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ
(ආයුධ) බලයෙන් හා අශ්ව සේනාවන්ගෙන් නුඹලාට හැකි පමණින් ඔවුනට එරෙහි ව නුඹලා සූදානම් වනු. අල්ලාහ්ගේ සතුරන් ද නුඹලාගේ සතුරන් ද ඔවුනට අමතර ව ඔවුන් ගැන නුඹලා නොදන්නා නමුත් අල්ලාහ් ඔවුන් ගැන දන්නා වෙනත් අය ද නුඹලා එමගින් බිය වද්දනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා කවර කරුණක් වියදම් කළ ද නුඹලා වෙත එය පූර්ණ ව දෙනු ලැබේ. නුඹලා අසාධාරණකම් කරනු නොලබනු ඇත.
තෆ්සීර්
අහෝ විශ්වාස කළවුනි! දුනු ඊතල් වැනි යුද ආම්පන්න සහ භට පිරිස්, නුඹලාට සූදානම් කළ හැකි උපරිමයෙන් සූදානම් කර ගනු. එමෙන්ම තම වාරය එන තෙක් අපේක්ෂාවෙන් සිටින දේව ප්රතික්ෂේපකයින් අතරින් අල්ලාහ්ගේ සතුරන් හා නුඹලාගේ සතුරන් බිය වද්දන, එමෙන්ම නුඹලා නොහඳුනන නුඹලාට රහසිගත ව සතුරුකම් පාන වෙනත් පිරිසක් එමගින් නුඹලා බියවද්දන අශ්වයින් ද අල්ලාහ්ගේ මාර්ගයේ රඳවා ගනිමින් සූදානම් වනු. ඔවුන් ගැන දන්නා, අල්ලාහ් වන ඔහු පමණය. ඔවුන්ගේ සිත් තුළ සඟවා සිටින දෑ ද ඔහු දනී. නුඹ සුළුවෙන් හෝ අධික ව හෝ යම් වියදමක් කර ඇත්නම් අල්ලාහ් නුඹලාට එය මෙලොවෙහි නැවත ලබා දෙනු ඇත. මතු ලොවෙහි ද කිසිදු අඩුවකින් තොරව නුඹලාට පූර්ණ ලෙස කුසල් පිරිනමනු ඇත. එහෙයින් ඔහුගේ මාර්ගයේ වියදම් කිරීමට යුහුසුලු වනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න