සූරා 8 · ජුස් 10
Al-Anfal · 8:53
ذَٰلِكَ بِأَنَّ اللَّهَ لَمْ يَكُ مُغَيِّرًا نِعْمَةً أَنْعَمَهَا عَلَىٰ قَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ ۙ وَأَنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ
එය කිසිදු සමූහයක් තමන් සතු ව ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් ඔවුනට පිරිනැමූ දායාදය සැබැවින්ම අල්ලාහ් වෙනස් කරන්නෙකු නොවූ බැවිනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්රාවකය. සර්ව ඥානීය.
තෆ්සීර්
එම බිහිසුණු දඬුවමට හේතුව සැබැවින්ම අල්ලාහ් යම් සමූහයකට ඔහු අබියසින් යම් ආශිර්වාදයක් පිරිනැමූ විට දේව විශ්වාසය, ස්ථාවරභාවය, ආශිර්වාදයට කෘතඥ වීම යනාදි වශයෙන් එහි දැහැමි තත්ත්වයේ සිට අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම, ඔහුට පිටුපෑම, ඔහුගේ ආශිර්වාද හෙළා දැකීම යනාදි වශයෙන් එහි නපුරු තත්ත්වයට ඔවුන් විසින්ම වෙනස් කර ගන්නා තෙක්, ඒවා ඔවුන්ගෙන් ඉවත් කරන්නේ නැත. තවද සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ ප්රකාශ වලට මැනවින් සවන් දෙන්නාය. එමෙන්ම ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න