සූරා 8 · ජුස් 10
Al-Anfal · 8:52
كَدَأْبِ آلِ فِرْعَوْنَ ۙ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَفَرُوا بِآيَاتِ اللَّهِ فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ ۗ إِنَّ اللَّهَ قَوِيٌّ شَدِيدُ الْعِقَابِ
(එය) ෆිර්අවුන්ගේ සේනාවේ හා අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළා වූ ඔවුනට පෙර සිටි අයගේ වේදනාව මෙනි. එවිට ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ව ග්රහණය කළේය. නියත වශයෙන්ම අල්ලාහ් අති බලවත්ය. දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
තෆ්සීර්
මෙම දේව ප්රතික්ෂේපකයින්හට පමණක් විශේෂයෙන් පහළ වූ දඬුවමක් නොව, සෑම කාලයකම සෑම ස්ථානයකම දෙවියන් ප්රතික්ෂේප කළවුන් මත ද නියම වූ අල්ලාහ්ගේ න්යායය වන්නේය. ෆිර්අවුන් හා ඔවුනට පෙර සිටි සමූහයන් සුවිශුද්ධ අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළ අවස්ථාවේ ද මෙම දඬුවමට ලක් විය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඉතා බිහිසුණු අයුරින් අල්ලාහ් ඔවුන් ග්රහණය කළේය. එවිට ඔහු ඔහුගේ දඬුවම ඔවුනට පහළ කළේය. සැබැවින්ම අල්ලාහ් කිසිවකු විසින් අබිබවා නොයන, තමන් වෙත කිසිවකු ආධිපත්යය නොදරන සර්ව බලධාරීය. එමෙන්ම ඔහුට පිටුපාන්නන් හට දැඩි ලෙස දඬුවම් කරන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න