සූරා 8 · ජුස් 10

Al-Anfal · 8:42

إِذْ أَنْتُمْ بِالْعُدْوَةِ الدُّنْيَا وَهُمْ بِالْعُدْوَةِ الْقُصْوَىٰ وَالرَّكْبُ أَسْفَلَ مِنْكُمْ ۚ وَلَوْ تَوَاعَدْتُمْ لَاخْتَلَفْتُمْ فِي الْمِيعَادِ ۙ وَلَٰكِنْ لِيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا لِيَهْلِكَ مَنْ هَلَكَ عَنْ بَيِّنَةٍ وَيَحْيَىٰ مَنْ حَيَّ عَنْ بَيِّنَةٍ ۗ وَإِنَّ اللَّهَ لَسَمِيعٌ عَلِيمٌ

අසල පිහිටි මිටියාවතෙහි නුඹලා ද දූරින් පිහිටි මිටියාවතෙහි ඔවුන් ද නුඹලාට පහළින් වෙළඳ කණ්ඩායම ද සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලා එය සැලසුම් කර තිබුණේ නම් නියමිත වේලාවෙහි නුඹලා භේද වන්නට තිබුණි. එනමුත් සිදු කරනු ලැබිය යුතු කාර්යය ඉටු කිරීම පිණිසත් විනාශ කරනු ලැබිය යුත්තන් සාධාරණ හේතූන් මත විනාශ කරනු පිණිසත් ජීවත් කරවනු ලැබිය යුත්තන් සාධාරණ හේතූන් මත ජීවත් කරවනු පිණිසත් (අල්ලාහ් මෙම තත්ත්වය උදා කළේය.) තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.

තෆ්සීර්

මදීනාවට පරව, අසල පිහිටි පහත් මිටියාවතෙහි නුඹලා ද, මක්කාහ්වට පරව දුරින් පිටිහි මිටියාවතෙහි මුෂ්රික්වරන් ද, රතු මුහුදු වෙරළට පරව නුඹලාට පහළින් පිහිටි ස්ථානයේ වෙළඳ කණ්ඩායමද සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. නුඹලා සහ දේව ආදේශකයින් බද්ර් යුද්ධයේ හමුවීමට ප්රිය කළේ නම් නුඹලා එකිනෙකා අතර භේද වන්නට තිබුණි. නමුත් බද්ර් දිනයේ නුඹලා අතර කිසිදු තර්කයකින් තොරව ඒකරාශී කළේ අල්ලාහ්ය. එය සිදුවන්නට නියමිත කරුණ සම්පූර්ණයෙන්ම සිදු කරනු ලබනු පිණිසය. එනම් දේව විශ්වාසී ජනයාට ජය ද, දේව ප්රතික්ෂේපිත ජනයාට පරාජය ද, තම දහම පිළිබඳ අවවාද කිරීම හා දෙවියන්ට ආදේශ කිරීම පහත් ක්රියාවක් බවට පත් කිරීමය. එමෙන්ම ඔවුනට එරෙහි ව දේව විශ්වාසී ජනයා සංඛ්යාවෙන් අඩු වුවද ජය නියත බව සාධක ඉදිරිපත් කිරීමෙන් පසු හා ඔවුනට ප්රතිඥා දීමෙන් පසු ඔවුන් අතර මියැදෙන්නට නියමිත අය මිය යාමටත්, අල්ලාහ් හෙළි කළ සාධක හා සාක්ෂි මත ජීවත් වන්නන් ජීවත් කරවීමටත්ය. එවිට අල්ලාහ්ට එරෙහි ව තර්ක කරන්නන් කිසිවකු ඉතිරි නොවනු ඇත. අල්ලාහ් සියලු දෙනාගේ ප්රකාශයන් සවන් දෙන්නාය. ඔවුන් සිදු කරන ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට මතු ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න