සූරා 8 · ජුස් 10

Al-Anfal · 8:41

۞ وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللَّهِ وَمَا أَنْزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

කණ්ඩායම් දෙක හමු වූ දින (සත්‍ය අසත්‍යයෙන්) වෙන් කළ දින අපගේ ගැත්තා වෙත අපි පහළ කළ දෑ නුඹලා විශ්වාස කර සිටියෙහු නම් නියත වශයෙන්ම යමක් නුඹලා යුද්ධයෙන් අත්පත් කර ගත්තේ ද ඉන් පහෙන් කොටසක් අල්ලාහ්ට ද ධර්ම දූතයාණන්ට ද ඥාතී වන්නන්ට ද අනාථයින්ට ද දුගියන්ට ද මගියන්ට ද සතු බව දැන ගනු. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව ශක්තිය ඇත්තාය.

තෆ්සීර්

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අල්ලාහ් පිළිබඳ හා සත්යය හා අසත්යය අතර අල්ලාහ් වෙන් කළ බද්ර් දිනයේ අපගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට ඔහු පහළ කළ දෑ පිිළිබඳ විශ්වාස කරන්නෙහු නම් දැන ගනු! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන අවස්ථාවේ දේව ප්රතික්ෂේපකයින් මැඩලා ඔවුන්ගෙන් යමක් ලබා ඇත්නම්, සැබැවින්ම එය කොටස් පහකට බෙදිය යුතු වේ. ඉන් පහෙන් හතරක් සටන් කරන මුජාහිද්වරුන් අතර ද ඉතිරි පහෙන් කොටස තවත් කොටස් පහකට බෙදී යා යුතුය. මුස්ලිම්වරුන් අතර පවතින පොදු වියහියදම් සඳහා අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාට කොටසක්, නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ ඥාතීන් වන බනූ හාෂිම් හා බනූ මුත්තලිබ් ගෝත්ර වලට කොටසක්, අනාථයින්ට කොටසක්, දිළිඳු හා දුප්පතුන්ට කොටසක්, අතරමං වූ මගීන්ට කොටසක් වශයෙන් බෙදී යනු ඇත. බද්ර් දිනයේ නුඹලාගේ සතුරන්ට එරෙහි ව අල්ලාහ් නුඹලාට උපකාර කළේය. නුඹලාට උපකාර කළ අල්ලාහ්, සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න