සූරා 8 · ජුස් 9
Al-Anfal · 8:36
إِنَّ الَّذِينَ كَفَرُوا يُنْفِقُونَ أَمْوَالَهُمْ لِيَصُدُّوا عَنْ سَبِيلِ اللَّهِ ۚ فَسَيُنْفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةً ثُمَّ يُغْلَبُونَ ۗ وَالَّذِينَ كَفَرُوا إِلَىٰ جَهَنَّمَ يُحْشَرُونَ
නියත වශයෙන්ම ප්රතික්ෂේප කළවුන් (ජනයා) අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීම පිණිස තමන්ගේ ධනය වියදම් කරති. එබැවින් ඔවුන් මතුවටත් වියදම් කරනු ඇත. පසු ව එය ඔවුනට තැවුලක් බවට පත් වේ. පසු ව ඔවුන් අබිබවා යනු ලබනු ඇත. තවද ප්රතික්ෂේප කළවුන් නිරය වෙත එක් රැස් කරනු ලබති.
තෆ්සීර්
සැබැවින්ම අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන් තම ධනය අල්ලාහ්ගේ දහමින් ජනයා වළක්වනු පිණිස වියදම් කරති. ඔවුන් එසේ විදයම් කර සිටිය ද ඔවුන් සිතූ දෑ ඔවුනට තහවුරු වන්නේ නැත. පසු ව ඔවුන්ගේ ධනය ඔවුන් වියදම් කිරීම හේතුවෙන් ඔවුනට අත්වන දඬුවම ඔවුන් පසුතැවිලි වීමයි. එය ඔවුන් වියදම් කළ ධනය හා අරමුණ අහිමි වී යාමෙනි. පසු ව ඔවුනට එරෙහි ව දෙවියන් විශ්වාස කරන්නන් ජය ලබා ඔවුන් අබිබවා යනු ඇත. අල්ලාහ් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරය වෙත ඇදගෙන යනු ලබති. පසු ව ඔවුන් එහි පිවිස සදා රැඳී සිටිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න