සූරා 8 · ජුස් 9
Al-Anfal · 8:35
وَمَا كَانَ صَلَاتُهُمْ عِنْدَ الْبَيْتِ إِلَّا مُكَاءً وَتَصْدِيَةً ۚ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
මෙම ගෘහය අබියස උරුවන් බෑම හා අත්පුඩි ගැසීම හැර ඔවුන්ගේ නැමදුම නොවීය. එබැවින් නුඹලා ප්රතික්ෂේප කරමින් සිටි බැවින් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු.
තෆ්සීර්
මස්ජිදුල් හරාම් අබියස දේව ආදේශකයින්ගේ නැමදුම අත්පුඩි ගැසීම හා විසිල් ගැසීම මිස වෙනෙකක් නොවීය. අහෝ ආදේශ තබන්නනි! නුඹලා අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් හා ඔහුගේ දූතයාණන් බොරු කරමින් සිටි හේතුවෙන් බද්ර් දින ඝාතනයට හා සිරභාරයකට ලක්වෙමින් දඬුවම විඳිනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න