සූරා 8 · ජුස් 9
Al-Anfal · 8:17
فَلَمْ تَقْتُلُوهُمْ وَلَٰكِنَّ اللَّهَ قَتَلَهُمْ ۚ وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَٰكِنَّ اللَّهَ رَمَىٰ ۚ وَلِيُبْلِيَ الْمُؤْمِنِينَ مِنْهُ بَلَاءً حَسَنًا ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ
එහෙයින් නුඹලා ඔවුන් ඝාතනය නොකළෙහුය. එනමුත් අල්ලාහ් ඔවුන් ඝාතනය කළේය. තවද නුඹ (පස්) විසි කළ විට දී (එය) නුඹ විසි නොකළෙහිය. එනමුත් අල්ලාහ් විසි කළේය. එය දේව විශ්වාසවන්තයින් ව එමගින් අලංකාර පිරික්සුමකින් පිරික්සනු පිණිසය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්රාවකය. සර්ව ඥානීය.
තෆ්සීර්
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා බද්ර් දිනයේ දෙවියන්ට ආදේශ කරන්නන් සමග සටන් කළේ, නුඹලාගේ හැකියාවෙන් හෝ නුඹලාගේ ශක්තියෙන් නොවේ. ඒ සඳහා නුඹලාට උපකාර කළේ අල්ලාහ්ය. අහෝ නබි වරය! දෙවියන්ට ආදේශ කරන්නන්හට නුඹ විසි කළ ද එය ඔවුන් වෙත එල්ලවීමට සැලැස්සුවේ අල්ලාහ්ය. ඔබ පිරිසෙන් අඩු සංඛ්යාවක් සහිත ව සිටියදී සතුරන්ට නිරාවරණය කරවා ඔහු ඔවුනට ආශිර්වාද කිරීම තුළින් දෙවියන් විශ්වාස කරන්නන් පරීක්ෂාවට ලක් කළේ ඔවුහු, ඔහුට කෘතඥ වනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ප්රාර්ථනාවන් හා නුඹලාගේ ප්රකාශයන්ට සවන් දෙන්නාය. අල්ලාහ් නුඹලාගේ ක්රියාවන් හා නුඹලාට එහි ඇති යහපත පිළිබඳ මැනවින් දන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න