සූරා 8 · ජුස් 9
Al-Anfal · 8:16
وَمَنْ يُوَلِّهِمْ يَوْمَئِذٍ دُبُرَهُ إِلَّا مُتَحَرِّفًا لِقِتَالٍ أَوْ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٍ فَقَدْ بَاءَ بِغَضَبٍ مِنَ اللَّهِ وَمَأْوَاهُ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُ
යුද්ධයේ (යුද්ධෝපාය ලෙස) ප්රමාද වී පහර දෙන්නකු හා කණ්ඩායමක් වෙත එකතු වන්නෙකු හැර එදින කවරෙකු පිටු පා ඔවුන්ගෙන් පලා යන්නේද එවිට සැබැවින්ම ඔහු අල්ලාහ්ගෙන් වූ කෝපය සමඟ හැරී ගියේය. තවද ඔහුගේ නවාතැන නිරයයි. තවද එම (නිරය) යොමු කරනු ලබන ස්ථානයෙන් නපුරු විය.
තෆ්සීර්
යුද උපක්රමයක් ලෙස තමන් පසුබසින බව ඔවුනට පෙන්වා නැවත ඔවුන් වෙත හැරී ඒමේ බලාපොරොත්තුවෙන් හෝ මුස්ලිම් සේනාවකට එකතු වී ඔවුනට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන් තොරව කවරෙකු ඔවුන්ගෙන් පෙරළා පලා යන්නේද ඔවුන් එසේ හැරී එනුයේ අල්ලාහ්ගේ කෝපය සහිතවය. එය ඔවුනට හිමි වනු ඇත. මතු ලොවෙහි ඔහුගේ නවාතැන නිරයයි. ඔහු එසේ යන තැන ඉතා නපුරුය. එසේ ඔහු පෙරළා යන ස්ථානය ද නපුරුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න