සූරා 78 · ජුස් 30

An-Naba · 78:40

إِنَّا أَنْذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنْتُ تُرَابًا

නියත වශයෙන්ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳ ව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් පෙරටු කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ ! මා පස් බවට පත් විය යුතු නොවෙම් දැ”යි පවසයි.

තෆ්සීර්

අහෝ ජනයිනි! ළගදීම සිදුවන්නට යන දඬුවම ගැන සැබැවින්ම අපි ඔබට අවවාද කරන්නෙමු. එය මෙලොවෙහි මිනිසා තමන් කල් ඇතිව සිදු කළ දෑහි ප්රතිඵල දකින දිනයකි. දෙවියන් ප්රතික්ෂේප කළ ජනයා දඬුවමෙන් ගැළවීමේ අපේවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන කල්හි ‘නුඹලා පසට පස්වනු’ යැයි කියනු ලබන සතුන් මෙන් මා ද පසට පස් වී තිබුණා නම් කෙතරම් නම් අගනේදැයි එදින විමසා සිටිනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න