සූරා 76 · ජුස් 29
Al-Insan · 76:27
إِنَّ هَٰؤُلَاءِ يُحِبُّونَ الْعَاجِلَةَ وَيَذَرُونَ وَرَاءَهُمْ يَوْمًا ثَقِيلًا
නියත වශයෙන්ම ඔවුහු මෙලොවට ප්රිය කරති. නමුත් ඔවුනට පසු ව ඇති බැරෑරුම් දිනය අත හැර දමති.
තෆ්සීර්
සැබැවින්ම දෙවියන්ට ආදේශ තබන මොවූහු මෙලොව ජීවිතයට ප්රිය කරති. ඒ මත දැඩි සේ ඇලුම් කරති. ඔවුනට පසුපසින් ඇති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය (නොසලකා) අතහැර දමති. එහි ඉතා දුෂ්කර දෑ හා පරික්ෂණ ඇති බැවින් එය ඉතා බිහිසුණු දිනයකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න