සූරා 73 · ජුස් 29
Al-Muzzammil · 73:17
فَكَيْفَ تَتَّقُونَ إِنْ كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ الْوِلْدَانَ شِيبًا
නුඹලා ප්රතික්ෂේප කළේ නම් දරුවන් පවා මහලුන් බවට පත් කරන දිනයෙහි නුඹලා කෙසේ නම් ආරක්ෂා වන්නෙහු ද?
තෆ්සීර්
(නුඹලා අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් ව බොරු කර සිටියෙහු නම්) එහි ඇති දැඩි බිහිසුණුකාරී තත්ත්වය හා එහි දිගු ව හේතුවෙන් කුඩා දරුවන්ගේ හිසකෙස් පවා පැහෙන තරමට ඉතා දැඩි මෙන්ම දිගු දිනයක නුඹලාව ඉන් වළක්වා ගෙන ඉන් සුරක්ෂිතභාවය ලබන්නේ කෙසේද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න