සූරා 73 · ජුස් 29
Al-Muzzammil · 73:16
فَعَصَىٰ فِرْعَوْنُ الرَّسُولَ فَأَخَذْنَاهُ أَخْذًا وَبِيلًا
නමුත් ෆිර්අවුන් එම දූතයාණන්ට පිටුපෑවේය. එහෙයින් අපි ඔහු දරුණු ග්රහණයකින් ග්රහණය කළෙමු.
තෆ්සීර්
නමුත් ෆිර්අවුන් ඔහුගේ පරමාධිපති විසින් එවනු ලැබූ එම දූතයාට පිටුපෑවේය. සැබැවින්ම ඔහු මෙලොවෙහි ජලයේ ගිල්වා හා මතු ලොවෙහි නිරා ගින්නට භාජනය කරමින් අපි ඔහු දැඩි සේ දඬුවමට ලක් කරන්නෙමු. එහෙයින් නුඹලා නුඹලාගේ දහම් දූතයාණන්ට පිටු නොපානු. එවිට ඔහුට අත් වූ ඉරණම මෙන් නුඹලාට ද අත්වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න