සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:81

إِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِنْ دُونِ النِّسَاءِ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ مُسْرِفُونَ

නියත වශයෙන්ම නුඹලා කාන්තාවන් හැර දමා කාමුක ලෙසින් පිරිමින් වෙත පැමිණෙන්නෙහුය. එසේම නුඹලා සීමාව ඉක්මවූවන් වෙති. (යැයි පැවසුවේය)

තෆ්සීර්

සැබැවින්ම ඔබ කාමාශාවන් පිරිමසා ගැනීම සඳහා මවනු ලැබූ කාන්තාවන් අතහැර දමා ඒ සඳහා ඔබ පිරිමින් වෙත යන්නෙහුය. සැබැවින්ම ඔබේ මෙම ක්රියාව තුළ බුද්ධිමය තර්කාන්විත හා ස්වභාධාර්මික පදනමක් නැත. මිනිස් න්යායයේ සීමාවන් ඉක්මවා යමින් අල්ලාහ්ගේ සීමාවන් ඔබ කඩ කරන්නෝ වෙති. නිවැරැදි බුද්ධිය හා ගෞරවණීය ස්වභාධර්මය කවර කරුණක් තීන්දු කර ඇත්තේ ද එයින් ඔබ හැරී යන්නෙහුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න