සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:69

أَوَعَجِبْتُمْ أَنْ جَاءَكُمْ ذِكْرٌ مِنْ رَبِّكُمْ عَلَىٰ رَجُلٍ مِنْكُمْ لِيُنْذِرَكُمْ ۚ وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ قَوْمِ نُوحٍ وَزَادَكُمْ فِي الْخَلْقِ بَسْطَةً ۖ فَاذْكُرُوا آلَاءَ اللَّهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

නුඹලාට අවවාද කරනු වස් නුඹලා අතුරින් වූ මිනිසෙකු වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් උපදෙසක් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද? තවද නූහ්ගේ සමූහයාට පසු ව නුඹලා නියෝජිතයින් බවට පත් කිරීම ගැනත් ශරීර ස්වරූපයෙහි පුළුල් බව නුඹලාට අධික ව පිරිනැමීම ගැනත් මෙනෙහි කරනු. එසේම නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ගේ දායාදයන් ගැන මෙනෙහි කර බලනු.

තෆ්සීර්

ඔබේ වර්ගයා අතරින්ම වූ මිනිසෙකුගේ දිවෙන් ඔබේ පරමාධිපති වෙතින් වූ මෙනෙහි කිරීමක් ඔබ වෙත පැමිණීම ඔබ ට පුදුමයක් වන්නේද? ඔබ ව මවිතයට පත් කරවන්නේද? ඔහු ඔබට අවවාද කරන මලක්වරුන් හෝ ජින්වරුන්ගෙන් කෙනෙකු නොවීය. ඔබේ පරමාධිපතිට ඔබ පැසසුම් කරනු. මහ පොළොවේ ඔහු ඔබට පහසුකම් සලසා දීම වෙනුවෙන් ද, නූහ් තුමාගේ ජනයා ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළ පසුව ඔබව එහි නියෝජනය කරනු පිණිස පත් කිරීම වෙනුවෙන්ද ඔබ ඔහුට කෘතඥ වනු. ඔබට සුවිශේෂී ශරීරයක්, බලයක් හා දැඩි ආක්රමණශීලී ජවයක් ලබා දීම ගැන ද ඔබ අල්ලාහ්ට කෘතඥ වනු. ඔබ බලාපොරොත්තු වූ දැයින් ජය ලැබීමේ හා පලා යා යුතු තැනින් මිදීමේ අපේක්ෂාවෙන් ඔබ වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද මෙනෙහි කරනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න