සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:40
إِنَّ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَاسْتَكْبَرُوا عَنْهَا لَا تُفَتَّحُ لَهُمْ أَبْوَابُ السَّمَاءِ وَلَا يَدْخُلُونَ الْجَنَّةَ حَتَّىٰ يَلِجَ الْجَمَلُ فِي سَمِّ الْخِيَاطِ ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُجْرِمِينَ
සැබැවින්ම අපගේ වදන් බොරු කොට එය (පිළිගැනීමට) උඬඟුවූවන් වන ඔවුනට අහස්හි දොරටු විවෘත කරනු නොලැබේ. ඔටුවා ඉඳි කටු සිඳුර තුළට පිවිසෙන තෙක් ඔවුහු ස්වර්ගයට නොපිවිසෙති. මෙලෙසය අපි වැරදිකරුවන්ට ප්රතිවිපාක පිරිනමනුයේ.
තෆ්සීර්
සැබැවින්ම අපගේ පැහැදිලි සාක්ෂි හා සාධක බොරු කොට එයට අවනතවීමට හා කීකරුවීමට උඩගු වූවෝ සියලුම යහපත පිළිබඳ බලාපොරොත්තු සුන් වූවෝ වෙති. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් සිදු කළ ක්රියාවන් සඳහා හා ඔවුන් මිය ගිය විට ඔවුන්ගේ ප්රාණ සඳහා අහස්හි දොරටු විවෘත කරනු නොලැබේ. විශාල ප්රමාණයේ සතෙකු වූ ඔටුවා ඉතා පටු හා කුඩා ඉඳිකටුවක සිදුරෙන් පිවිසෙන තෙක් ඔවුහු ස්වර්ගයට ඇතුළු නොවෙති. එය සිදුවන්නක් ද නොවේ. ඉන් අදහස් කරනුයේ ඔවුනට ස්වර්ගයට පිවිසීමට කිසිදු අවස්ථාවක් හෝ නොමැති බවය. මෙවැනි ප්රතිවිපාක මහත් සේ පාපයන් කළවුනට අල්ලාහ් විපාක වශයෙන් පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න