සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:3
اتَّبِعُوا مَا أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ وَلَا تَتَّبِعُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ ۗ قَلِيلًا مَا تَذَكَّرُونَ
නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ නුඹලා අනුගමනය කරනු. තවද ඔහු හැර (වෙනත් දෑ) භාරකරුවන් ලෙස ගෙන නුඹලා අනුගමනය නොකරනු. ස්වල්ප වශයෙනි නුඹලා උපදෙස් ලබනුයේ.
තෆ්සීර්
අහෝ ජනයිනි! ඔබේ පරමාධිපති ඔබ වෙත පහළ කළ දේව ග්රන්ථයත් ඔබේ නබිවරයාගේ පිළිවෙතත් ඔබ අනුගමනය කරනු. ෂෙයිතාන්ගේ මිතුරන් ලෙස හෝ නපුරු නායකයින් ලෙස හෝ ඔබ සිතන අයගේ ආශාවන් අනුගමනය නොකරනු. ඔවුන්ගේ ආශාවන්ට නැඹුරු වීම හේතුවෙන් ඔබ වෙත පහළ කළ දෑ අත්හරින්නන් බවට ඔවුහු ඔවුන් අත්හැර දමනු ඇත. සැබැවින්ම ඔබ මෙනෙහි කරනුයේ ස්වල්පයක් පමණි. ඔබ මෙනෙහි කරන්නෙහු නම් සත්ය මත බලපෑමක් ඇති කරනු ඇත. ඔබේ දූතයාණන් කවර දෙයක් රැගෙන ආවේද එය ඔබ අනුමගනය කරනු. ඒ අනුව ඔබ ක්රියා කරනු. ඒ හැර සෙසු දෑ ඔබ අතහැර දමනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න