සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:2

كِتَابٌ أُنْزِلَ إِلَيْكَ فَلَا يَكُنْ فِي صَدْرِكَ حَرَجٌ مِنْهُ لِتُنْذِرَ بِهِ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ

(මෙය) එමගින් නුඹ අවවාද කරනු පිණිස ද දේව විශ්වාසවන්තයින්ට උපදෙසක් ලෙස ද නුඹ වෙත පහළ කරන ලද දේව ග්‍රන්ථයයි. එබැවින් මෙමගින් නුඹේ හදවතෙහි ව්‍යාකූලභාවයක් ඇති නොවිය යුතුය.

තෆ්සීර්

අහෝ දූතය! ශුද්ධ වූ කුර්ආනය ඔබ වෙත අල්ලාහ් පහළ කළ දේව ග්රන්ථයයි. ඒ ගැන ඔබේ හදවතෙහි පීඩනයක් හෝ සැකයක් හෝ නොවිය යුතුය. ඔහු එය ඔබ වෙත පහළ කළේ එමගින් ඔබ ජනයා බියවද්දා ඒ ගැන පැහැදිළි සාධක ඉදිරිපත් කරනු පිණිස හා එමගින් ඔබ දේව විශ්වාස කරන්නන්ට මෙනෙහි කොට එම උපදෙස් මගින් ඔවුන් ප්රයෝජන ලබනු පිණිසය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න