සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:27

يَا بَنِي آدَمَ لَا يَفْتِنَنَّكُمُ الشَّيْطَانُ كَمَا أَخْرَجَ أَبَوَيْكُمْ مِنَ الْجَنَّةِ يَنْزِعُ عَنْهُمَا لِبَاسَهُمَا لِيُرِيَهُمَا سَوْآتِهِمَا ۗ إِنَّهُ يَرَاكُمْ هُوَ وَقَبِيلُهُ مِنْ حَيْثُ لَا تَرَوْنَهُمْ ۗ إِنَّا جَعَلْنَا الشَّيَاطِينَ أَوْلِيَاءَ لِلَّذِينَ لَا يُؤْمِنُونَ

ආදම්ගේ දරුවනි ! නුඹලාගේ රහස්‍ය පෙදෙස් ආවරණය කරන්නා වූ වස්ත්‍රය ද අලංකාරය ද සැබැවින්ම අපි නුඹලා වෙත පහළ කළෙමු. දේව බිය හැඟීම යන වස්ත්‍රය වන එයමය ශ්‍රේෂ්ඨ වනුයේ. එය අල්ලාහ්ගේ සංඥාවන් අතුරිනි. (එය) ඔවුන් මෙනෙහි කරනු පිණිසය.

තෆ්සීර්

අහෝ ආදම්ගේ පුතණුවනි! පාපකම් අලංකාරවත් කිරීම තුළින් ෂෙයිතාන් තම රහස්ය පෙදෙස් ආවරණය කිරීම සඳහා ඇති භෞතික ඇඳුම හා තක්වා හෙවත් බැතිමත්කමේ ඇඳුම අතහැර දමන තරමට ඔහු ඔබ රවටා නොදැමිය යුතුයි. ඔබේ දෙමාපියන් ස්වර්ගයෙන් බැහැර කරනු ලැබීමේ හා ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් නිරාවරණය වීමේ ඉරණමට ඔවුන් පත්වන තෙක් ෂෙයිතාන් එම ගසින් අනුභව කිරීම ඔවුන් දෙදෙනාට අලංකාරවත් කොට රවටා දැමීය. සැබැවින්ම ෂෙයිතාන් හා ඔහුගේ පරපුර ඔබව බලමින් හා නිරීක්ෂණය කරමින් සිටිති. නමුත් නුඹලාට ඔවුන් දැකීමට හෝ නිරීක්ෂණය කිරීමට හෝ නොහැක. එහෙයින් ඔහුගෙන් හා ඔහුගේ පරපුරෙන් ප්රවේසම් වීම ඔබට අනිවාර්යය වන්නේය.අල්ලාහ් විශ්වාස නොකරන ජනයාට භාරකරුවන් හා හිතමිතුරන් ලෙස ෂෙයිතානුන් සැබැවින්ම අපි පත් කළෙමු. දැහැමි ක්රියාවන් සිදු කරන දේව විශ්වාසීන් වනාහි, ඔවුනට එරෙහි ව කටයුතු කිරීමට මොවුනට මගක් නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න