සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:26
يَا بَنِي آدَمَ قَدْ أَنْزَلْنَا عَلَيْكُمْ لِبَاسًا يُوَارِي سَوْآتِكُمْ وَرِيشًا ۖ وَلِبَاسُ التَّقْوَىٰ ذَٰلِكَ خَيْرٌ ۚ ذَٰلِكَ مِنْ آيَاتِ اللَّهِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ
ආදම්ගේ දරුවනි ! නුඹලාගේ රහස්ය පෙදෙස් ආවරණය කරන්නා වූ වස්ත්රය ද අලංකාරය ද සැබැවින්ම අපි නුඹලා වෙත පහළ කළෙමු. දේව බිය හැඟීම යන වස්ත්රය වන එයමය ශ්රේෂ්ඨ වනුයේ. එය අල්ලාහ්ගේ සංඥාවන් අතුරිනි. (එය) ඔවුන් මෙනෙහි කරනු පිණිසය.
තෆ්සීර්
අහෝ ආදම්ගේ පුතණුවනි! ඔබේ රහස්ය පෙදෙස් ආවරණය කර ගනු පිණිස ඔබට අවශ්ය ඇඳුම් ඔහු ඇති කළේය. ජනයා අතර එමගින් අලංකාරයෙන් ගැවසෙනු පිණිස පූර්ණ ඇඳුම් පිළිවෙතක් ඇති කළෙමු. එම භෞතික ඇඳුමට වඩා බියබැතිමත්භාවයේ ඇඳුම වඩාත් ශ්රේෂ්ඨය. එනම් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී කටයුතු කිරීමේ පිළිවෙතයි. අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන ඔහුගේ වදන් තුළින් එම ඇදුම් පිළිවෙත සඳහන් කර ඇත්තේ ඔහු ඔබ වෙත කළ ආශිර්වාද ඔබ මෙනෙහි කොට ඒ සඳහා ඔබ ඔහුට කෘතඥ වනු පිණිසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න