සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:198

وَإِنْ تَدْعُوهُمْ إِلَى الْهُدَىٰ لَا يَسْمَعُوا ۖ وَتَرَاهُمْ يَنْظُرُونَ إِلَيْكَ وَهُمْ لَا يُبْصِرُونَ

තවද යහ මඟ වෙත නුඹ ඔවුන් ඇරයුම් කරන්නෙහි නම් ඔවුහු (ඊට) සවන් නොදෙති. ඔවුන් නුඹ වෙත බලා සිටිනාක් මෙන් නුඹ ඔවුන් දකිනු ඇත. (නමුත්) ඔවුහු නොබලති.

තෆ්සීර්

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! ස්ථාවරත්වය පතා නුඹලා අල්ලාහ් නොවන, නුඹලා නමදිමින් සිටින නුඹලාගේ පිළිම වලට ප්රාර්ථනා කර සිටිය ද නුඹලාගේ ප්රාර්ථනාවට ඔවුන් සවන් දෙන්නේ නැත. නුඹ ඔවුන් දකින්නේ අඹන ලද හැඩරුවක් නුඹ ව මුණ ගැසෙන්නාක් මෙනි. එය පෙනීමක් නැති ද්රව්යමය වස්තුවකි. ඔවුන් ආදම්ගේ දරුවන්ගේ ස්වරූපයෙන් හෝ සතුන්ගේ ස්වරූපයෙන් රූප අඹමින් ඒවා සකස් කර ගත්තෝය. ඔවුනට අත්, පාද හා ඇස් තිබුණ ද ඒවා නිශ්චල වස්තුවක් පමණය. එහි කිසිදු ජීවයක් හෝ චලනයක් හෝ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න