සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:138

وَجَاوَزْنَا بِبَنِي إِسْرَائِيلَ الْبَحْرَ فَأَتَوْا عَلَىٰ قَوْمٍ يَعْكُفُونَ عَلَىٰ أَصْنَامٍ لَهُمْ ۚ قَالُوا يَا مُوسَى اجْعَلْ لَنَا إِلَٰهًا كَمَا لَهُمْ آلِهَةٌ ۚ قَالَ إِنَّكُمْ قَوْمٌ تَجْهَلُونَ

ඉස්රාඊල් දරුවන් මුහුද තරණය කරන්නට අපි සැලැස්සුවෙමු. පසු ව තමන් සතු පිළිම මත නමදිමින් සිටින පිරිසක් වෙත ඔවුහු පැමිණියෝය. ‘අහෝ මූසා ! ඔවුන් සතු ව ඇති දෙවියන් මෙන් දෙවියකු අප වෙනුවෙන් පත් කරනු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘සැබැවින්ම නුඹලා අඥානකමින් සිටින පිරිසකැ’යි ඔහු පැවසුවේය.

තෆ්සීර්

මූසා (අලෙය්හිස් සලාම්) තුමා, තම සැරයටියෙන් මුහුදට ගැසූ කල්හි එය දෙබෑ විය. ඉස්රාඊල් දරුවන් ඒ හරහා අපි තරණය කෙරෙව්වෙමු. අල්ලාහ් හැර දමා පිළිම වන්දනාවේ නිරත වෙමින් සිටි පිරිසක් අසලින් ඔවුහු ගමන් කළෝය. එවිට ඉස්රාඊල් දරුවන් මූසා (අලය්හිස් සලාම්) තුමාට, ‘අහෝ මූසා! අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටින පිළිම ඔවුනට තිබෙනවාක් මෙන්ම අපටත් නමදින්නට අපහට පිළිමයක් ඇති කරනු මැනව!’ යැයි විමසා සිටියෝය. මූසා ඔවුනට පිළිතුරු සපයමින්, ‘මාගේ ජනයිනි! සැබැවින්ම නුඹලා අල්ලාහ් ප්රිය කරන ඒකීයත්වය ගැන හා ගරු බුහුමන් කිරීම ගැන නොදන්නා එමෙන්ම ඔහුට සම්බන්ධ නොකළ යුතු ආදේශ කිරීම හා ඔහු හැර වෙනත් අයට නැමදීම ගැන නොදන්නා පිරිසකි' යැයි පවසා සිටියේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න