සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:137
وَأَوْرَثْنَا الْقَوْمَ الَّذِينَ كَانُوا يُسْتَضْعَفُونَ مَشَارِقَ الْأَرْضِ وَمَغَارِبَهَا الَّتِي بَارَكْنَا فِيهَا ۖ وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ الْحُسْنَىٰ عَلَىٰ بَنِي إِسْرَائِيلَ بِمَا صَبَرُوا ۖ وَدَمَّرْنَا مَا كَانَ يَصْنَعُ فِرْعَوْنُ وَقَوْمُهُ وَمَا كَانُوا يَعْرِشُونَ
දුර්වලයින් ලෙස සලකනු ලබමින් සිටී පිරිසට මහපොළොවේ එහි අපි සමෘද්ධිය ඇති කළ නැගෙනහිර දිශාවන් හා බටහිර දිශාවන් උරුම කර දුනිමු. ඉස්රාඊල් දරුවන් ඉවසීමෙන් සිටි බැවින් නුඹේ පරමාධිපතිගේ අලංකාර වදන ඔවුන් කෙරෙහි පූර්ණවත් විය. ෆිර්අවුන් හා ඔහුගේ පිරිස සිදු කරමින් සිටි දෑ ද ඔවුන් උසට තනමින් සිටි දෑ ද අපි මුළුමණින්ම විනාශ කර දැමුවෙමු.
තෆ්සීර්
ෆිර්අවුන් හා ඔහුගේ පිරිස විසින් ඉතා පහත් ලෙස සලකනු ලැබූ ඉස්රාඊල් දරුවන්හට මහපොළොවේ නැගෙනහිර හා බටහිර අපි උරුම කර දුන්නෙමු. ඉන් අදහස් කෙරුනේ සිරියා දේශයයි. එය අල්ලාහ් උපරිමයෙන් පලතුරු හා භෝග වගාවන් හට ගන්වා සමෘද්ධිමත් කළ දේශයකි. අහෝ දූතය! අල්ලාහ්ගේ අලංකාර ප්රකාශය සම්පූර්ණ විය. සූරතුල් කසස් හි එය මෙසේ සඳහන් කරනු ලැබ ඇත. “එම භූමියේ බලහීන වූ දුර්වලයින් හට අපි ආශිර්වාද කරන්නනටත්, ඔවුන් ව එකම සමූහයක් බවට පත් කරන්නටත්, ඔවුන් උරුමක්කරුවන් බවට පත් කරන්නටත් අපි අපේක්ෂා කරමු.” ෆිර්අවුන් හා ඔහුගේ පිරිස විසින් ඔවුනට දුන් වේදනාවන් මත ඔවුන් ඉවසීමෙන් කටයුතු කළ හේතුවෙන්, අල්ලාහ් ඔවුනට එම භූමියෙහි පහසුකම් සැලසීය. ෆිර්අවුන් වගා කළ භූමි හා ඉදි කළ නවාතැන් ද ඔවුන් විසින් ඉදි කරමින් සිටි මාළිගාවන් ද අපි විනාශ කළෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න