සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:105

حَقِيقٌ عَلَىٰ أَنْ لَا أَقُولَ عَلَى اللَّهِ إِلَّا الْحَقَّ ۚ قَدْ جِئْتُكُمْ بِبَيِّنَةٍ مِنْ رَبِّكُمْ فَأَرْسِلْ مَعِيَ بَنِي إِسْرَائِيلَ

අල්ලාහ් මත සත්‍යය හැර වෙනත් කිසිවක් මා නොපැවසීම ගැන වගකිව යුත්තෙක් වෙමි. නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් සමඟ සැබැවින්ම මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එබැවින් මා සමඟ ඉස්රාඊල් දරුවන් ව එවනු. (යැයි මූසා පැවසුවේය.)

තෆ්සීර්

“ඔහු විසින් මා එවනු ලැබ ඇති බැවින්, සත්ය මිස වෙනත් කිසිවක් ඔහු වෙත නොපැවසීමට මම බැඳී ඇත්තෙමි. සැබැවින්ම මාගේ සත්යයතාව තහවුරු කරන, මාගේ පරමාධිපති වෙතින් නුඹලා වෙත පැමිණ ඇති බවට තහවුරු කරන පැහැදිලි සාධක සමග මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එහෙයින් බලහත්කාරයට ලක් වූ වහල්භාවයේ පසුවන ඉස්රාඊල් දරුවන් මා සමග එවනු” යැයි මූසා පැවසුවේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න