සූරා 63 · ජුස් 28
Al-Munafiqun · 63:1
إِذَا جَاءَكَ الْمُنَافِقُونَ قَالُوا نَشْهَدُ إِنَّكَ لَرَسُولُ اللَّهِ ۗ وَاللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُ وَاللَّهُ يَشْهَدُ إِنَّ الْمُنَافِقِينَ لَكَاذِبُونَ
කුහකයෝ නුඹ වෙත පැමිණි විට “නියත වශයෙන්ම නුඹ අල්ලාහ්ගේ දූතයාණන් යැයි අපි සාක්ෂි දරන්නෙමු” යැයි ඔවුහු පවසති. තවද නියත වශයෙන්ම නුඹ ඔහුගේ ගැත්තා බව අල්ලාහ් දනී. නියත වශයෙන්ම කුහකයෝ බොරුකාරයින් බව අල්ලාහ් සාක්ෂි දරයි.
තෆ්සීර්
අහෝ දූතය! ඉස්ලාමය මතුපිටින් පෙන්වා, දේව ප්රතික්ෂේපය සඟවා ගෙන සිටින කුහකයින් නුඹේ සභාවට පැමිණි විට ඔවුහු, ‘අල්ලාහ්ගේ දූතයාණන් සත්ය බව අපි සාක්ෂි දරමු.’ යැයි පවසති. සැබැවින්ම නුඹ සත්යක් බව අල්ලාහ් දනී. නුඹ සැබැවින්ම ඔහුගේ දූතයා බව ඔවුන්ගේ හදපත්ලෙන්ම සාක්ෂි දරන බවට කුහකයින් කරන වාදයෙහි සැබැවින්ම ඔවුන් බොරුකාරයින් බව අල්ලාහ් සාක්ෂි දරයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න