සූරා 61 · ජුස් 28

As-Saff · 61:6

وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِنْ بَعْدِي اسْمُهُ أَحْمَدُ ۖ فَلَمَّا جَاءَهُمْ بِالْبَيِّنَاتِ قَالُوا هَٰذَا سِحْرٌ مُبِينٌ

“ඉස්රාඊල් දරුවනි! මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු ලෙසින් ද මගෙන් පසු ව පැමිණෙන තම නාමය අහ්මද් නමැති (මුහම්මද් නම්) දූතයෙකු ගැන ශුභාරංචි දන්වන්නකු ලෙසින් ද මම නුඹලා වෙත පැමිණ ඇති අල්ලාහ්ගේ දූතයෙකු වෙමි” යැයි, මර්යම්ගේ පුත් ඊසා පැවසූ අවස්ථා ව සිහියට නගනු. නමුත් ඔවුන් වෙත පැහැදිලි සාධක සමග ඔහු පැමිණි කල්හි මෙය පැහැදිලි හූනියමකි යැයි ඔවුහු පැවසූහ.

තෆ්සීර්

"අහෝ ඉස්රාඊල් දරුවනි! සැබැවින්ම මට පෙර පහළ වූ තව්රාතය තහවුරු කරන්නෙකු ලෙස සැබැවින්ම මා නුඹලා වෙත එවන ලැබූ අල්ලාහ්ගේ දූතයකු වෙමි. මම අලුතින් බිහි වූ දූතයෙකු නොවෙමි. එමෙන්ම මගෙන් පසුව පැමිණෙන්නට නියමිත, නමින් අහ්මද් වන දූතයකු පිළිබඳ ශුභාරංචි දන්වන්නෙකු ලෙස ද පැමිණ ඇත්තෙමි" යැයි මූසා බනූ ඉස්රාඊල් සමූහයා අමතා පවසා සිටි අවස්ථාව, අහෝ දූතය! මෙනෙහි කර බලනු. තම සත්යභාවය තහවුරු කරන පැහැදිළි සාධක සමග ඊසා ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුහු: ‘මෙය පැහැදිලි හූනියමකි. කිසිවිටෙක අපි මෙය අනුගමනය නොකරන්නෙමු’ යැයි පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න