සූරා 61 · ජුස් 28

As-Saff · 61:5

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمِ لِمَ تُؤْذُونَنِي وَقَدْ تَعْلَمُونَ أَنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ ۖ فَلَمَّا زَاغُوا أَزَاغَ اللَّهُ قُلُوبَهُمْ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ

“අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන්ම මම නුඹලා වෙත පැමිණි අල්ලාහ්ගේ දූතයාණන් බව නුඹලා දැන දැනම නුඹලා මට හිංසා කරනුයේ ඇයි දැ”යි මූසා ඔහුගේ ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු. එහෙයින් ඔවුන් අපගමන ගිය කල්හි අල්ලාහ් ඔවුන්ගේ හදවත් ද අපගමන යන්නට සැලසුවේය. තවද අල්ලාහ් පාපතර ජනයාට මග නොපෙන්වයි.

තෆ්සීර්

අහෝ දූතය! ‘සැබැවින්ම මම නුඹලා වෙත එවන ලද අල්ලාහ්ගේ දූතයා බව නුඹලා දැන දැනම මාගේ නියෝගයට විරුද්ධ ව කටයුතු කරමින් මා වේදනාවට පත් කරනුයේ ඇයි?’ දැයි මූසා තම සමූහයාගෙන් විමසා සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුන් වෙත කවර සත්යයක් පැමිණියේ ද එයින් ඔවුන් හැරී, වෙනතකට නැඹුරු වූ කල්හි අල්ලාහ් ද ඔවුන්ගේ හදවත් සත්යයෙන් හා නිවැරදි මාර්ගයෙන් වෙනතකට යොමු වන්නට ඉඩ හැරියේය. අල්ලාහ් ඔහුට අවනත වීමෙන් බැහැර වූ ජනයාට සත්යය සඳහා ආශිර්වාද නොකරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න