සූරා 61 · ජුස් 28
As-Saff · 61:14
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا أَنْصَارَ اللَّهِ كَمَا قَالَ عِيسَى ابْنُ مَرْيَمَ لِلْحَوَارِيِّينَ مَنْ أَنْصَارِي إِلَى اللَّهِ ۖ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنْصَارُ اللَّهِ ۖ فَآمَنَتْ طَائِفَةٌ مِنْ بَنِي إِسْرَائِيلَ وَكَفَرَتْ طَائِفَةٌ ۖ فَأَيَّدْنَا الَّذِينَ آمَنُوا عَلَىٰ عَدُوِّهِمْ فَأَصْبَحُوا ظَاهِرِينَ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ගේ උදව්කරුවන් ලෙස සිටිනු. “අල්ලාහ් වෙත මට උදව් කරන්නෝ කවුරුන් දැ?” යි මර්යම්ගේ පුත් ඊසා (තම) ගෝලබාලයින්ට පැවසුවාක් මෙනි. “අපි අල්ලාහ්ගේ උදව්කරුවෝ වෙමු” යැයි හවාරිය්වරුන් (ගෝල ශ්රාවකයෝ) පැවසූහ. එවිට ඉස්රාඊල් දරුවන්ගෙන් පිරිසක් විශ්වාස කළ අතර තවත් පිරිසක් ප්රතික්ෂේප කළෝය. එවිට අපි විශ්වාස කළවුන් ව ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව අපි ශක්තිමත් කළෙමු. එවිට ඔවුහු පැතිර පවතින්නන් බවට පත් වූහ.
තෆ්සීර්
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට, ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ දූතයාණන් නුඹලා වෙත කවර දහමක් ගෙන ආවේ ද ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ අනුගාමිකයින් මෙන් නුඹලා එයට උදව් කරමින්, අල්ලාහ්ගේ සහයකයින් බවට පත් වනු. එතුමා තම අනුගාමිකයින්ගෙන් ‘අල්ලාහ් වෙත උදව් කරන්නන් කවුරුන් දැ’යි විමසා සිටි විට ඔවුන් පෙරටැවිත් ‘අල්ලාහ්ගේ උදව්කරුවන් අපි වෙමු’ යැයි පවසා ඉස්රාඊල් දරුවන්ගෙන් පිරිසක් ඊසා (අලයිහිස් සලාම්) තුමාව විශ්වාස කළ අතර, තවත් පිරිසක් එතුමා ව ප්රතික්ෂේප කළෝය. ඊසා (අලයිහිස් සලාම්) තුමාව විශ්වාස කළවුන් දෙවියන් ප්රතික්ෂේප කළවුනට වඩා ඉහළින් ශක්තිමත් කළෙමු. ඔවුන් අභිබවා යන්නන් බවට ඔවුහු පත් වූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න