සූරා 61 · ජුස් 28
As-Saff · 61:12
يَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَيُدْخِلْكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ
නුඹලාගේ පාපයන් වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද ඔහු නුඹලා (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරයි. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිති. (අද්න් නම්) සදා ස්වර්ග උයන්හි යහපත් වාසස්ථාන ඇත. එයයි අතිමහත් ජයග්රහණය.
තෆ්සීර්
එම ව්යාපාරයේ ලාභය වනුයේ නුඹලාගේ පව්වලට අල්ලාහ් නුඹලාට සමාව දී, ස්වර්ග මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා උයන්වලට ඇතුළු කර, විතැන් වීමකින් තොරව සදා උයන්හි යහපත් ජීවිතයක් ගත කරන නවාතැනකට ඇතුලු කිරීමය. සඳහන් කරන ලද එම ප්රතිඵලය කිසිදු ජයග්රහණකට සමීප කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න