සූරා 6 · ජුස් 7

Al-An'am · 6:91

وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ إِذْ قَالُوا مَا أَنْزَلَ اللَّهُ عَلَىٰ بَشَرٍ مِنْ شَيْءٍ ۗ قُلْ مَنْ أَنْزَلَ الْكِتَابَ الَّذِي جَاءَ بِهِ مُوسَىٰ نُورًا وَهُدًى لِلنَّاسِ ۖ تَجْعَلُونَهُ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًا ۖ وَعُلِّمْتُمْ مَا لَمْ تَعْلَمُوا أَنْتُمْ وَلَا آبَاؤُكُمْ ۖ قُلِ اللَّهُ ۖ ثُمَّ ذَرْهُمْ فِي خَوْضِهِمْ يَلْعَبُونَ

අල්ලාහ්ට ගරු බුහුමන් කළ යුතු අයුරින් ඔවුහු ඔහුට ගරු බුහුමන් නොකළහ. එවිට අල්ලාහ් මිනිසා වෙත කිසිවක් පහළ නොකළේ යැයි ඔවුහු පැවසූහ. ආලෝකයක් හා ජනයාට මඟපෙන්වීමක් ලෙසින් මූසා ගෙනා ආ පුස්තකය පහළ කළේ කවු දැයි අසනු. නුඹලා එය වෙන් වෙන් පොත් බවට පත් කොට ඒවා (සමහරක්) හෙළි කළ අතර බොහෝ දෑ නුඹලා සඟවන්නෙහුය. නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් නොදැන සිටි දෑ නුඹලාට (එමගින්) උගන්වනු ලැබීය. (නබිවරය ! එය පහළ කළේ) අල්ලාහ් යැයි පවසනු. ඔවුන් නිරතව සිටින දෑහි සෙල්ලම් කිරීමට ඔවුන් ව අතහැර දමනු.

තෆ්සීර්

දෙවියන්ට ආදේශ තබන්නන් අල්ලාහ්ට ගරු කළ යුතු අයුරින් ගරු නොකළහ. තම නබිවරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට 'අල්ලාහ් කිසිදු මිනිසෙකු වෙත කිසිදු දේව පණිවිඩයක් එවා නැතැයි ඔවුහු පවසා සිටියහ. අහෝ දූතය! මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත තම සමූහයාට මගපෙන්වීමක් මාර්ගෝපදේශයක් හා ආලෝකයක් වශයෙන් තව්රාතය පහළ කළේ කව්දැ?යි ඔවුන්ගෙන් විමසනු. යුදෙව්වෝ එය පොත් වලට සීමා කර ඒවායින් තම ආශාවන්ට ගැලපෙන දෑ පමණක් හෙළි කොට මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ ගුණාංග පිළිබඳ සඳහන් විස්තර වැනි තමන්ට නොගැළපෙන දෑ වසන් කළෝය. අහෝ අරාබිවරුනි! ඔබට හා ඔබට පෙර වූ ඔබේ මුතුන් මිත්තන්හට නොඉගැන්වූ දෑ අල් කුර්ආනය තුළින් ඔබට උගන්වනු ලැබේ. අහෝ දූතය! ඔවුනට පවසනු අල්ලාහ් එය පහළ කළේය. පසුව ස්ථාවර පණිවිඩය ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුන්ගේ මුළාවෙහි හා අඥානකමෙහි වෙළෙන්නට ඔහු ඔවුන් අතහැර දැමීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න