සූරා 6 · ජුස් 7
Al-An'am · 6:90
أُولَٰئِكَ الَّذِينَ هَدَى اللَّهُ ۖ فَبِهُدَاهُمُ اقْتَدِهْ ۗ قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ هُوَ إِلَّا ذِكْرَىٰ لِلْعَالَمِينَ
අල්ලාහ් මඟ පෙන් වූ අය ඔවුහුය. එබැවින් ඔවුන් ලැබූ මඟ පෙන්වීම අනුව නුඹ ද එය පිළිපදිනු. ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එය ලෝවැසියනට උපදෙසක් මිස නැත යැයි (නබිවරය !) නුඹ පවසනු.
තෆ්සීර්
මෙම නබිවරුන් හා ඔවුන් සමගම මෙනෙහි කරනු ලැබූ ඔවුන්ගේ පියවරුන්, ඔවුන්ගේ දරුවන්, ඔවුන්ගේ සහෝදරවරුන් යන ඔවුන් සියලු දෙනා සැබෑ ලෙස යහමග ලැබූවෝ වෙති. එහෙයින් ඔබ ඔවුන් අනුගමනය කරනු. ඔවුන් පිළිපදිනු. අහෝ! දූතය, ඔබේ ප්රජාවට මෙසේ පවසනු. මෙම කුර්ආනය ඔබට දන්වා සිටීම වෙනුවෙන් මම ඔබෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. අල් කුර්ආනය, ජින් හා මිනිස් යන සියලු ලෝවැසියන් ඍජු මග වෙත හා නිවැරැදි මාර්ගය වෙත මග ලබන්නට අවස්ථාව සලසන උපදෙසක් මිස වෙනකක් නොවේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න