සූරා 6 · ජුස් 7
Al-An'am · 6:9
وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَجَعَلْنَاهُ رَجُلًا وَلَلَبَسْنَا عَلَيْهِمْ مَا يَلْبِسُونَ
අප එසේ මලාඉකාවරයෙකු පත් කළේ නම් මිනිසෙකුගේ ස්වරූපයෙන්ම ඔහු ව අපි පත් කරන්නෙමු. (දැන්) ඔවුන් ව්යාකූල ව සිටින අයුරින් ම (එවිට ද අප) ඔවුන් ව ව්යාකූලත්වයට පත් කරන්නෙමු.
තෆ්සීර්
ඔවුන් වෙත එවනු ලබන්නා මලක්වරයකු ලෙස අපි පත් කළ ද ඔහු ගැන ඇසීමට හා ඔහු ගැන කතා කිරීමට ඔවුනට හැකි වන සේ මිනිසකුගේ ස්වරූපයෙන්ම පත් කරන්නෙමු. එසේ නොවේ නම්, අල්ලාහ් ඔහු ව මවා ඇති ස්වරූපය අනුව මලක්වරයා සමග එලෙස කටයුතු කිරීමට නොහැකි වනු ඇත. අපි ඔහු ව මිනිසෙකුගේ ස්වරූපයෙන් මැව්වේ නම් ද ඔහුගේ කටයුතු ඔවුනට කුතුහලය ඇති කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න