සූරා 6 · ජුස් 7
Al-An'am · 6:8
وَقَالُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ مَلَكٌ ۖ وَلَوْ أَنْزَلْنَا مَلَكًا لَقُضِيَ الْأَمْرُ ثُمَّ لَا يُنْظَرُونَ
මොහු වෙත (සාක්ෂි දැරීම සඳහා) මලාඉකාවරයෙකු පහළ කරනු ලැබිය යුතු නොවේ දැ යි ඔවුහු පැවසූහ. එසේ අපි මලාඉකාවරයෙකු පහළ කළේ නම් (ඔවුන්ගේ) විෂය තීන්දු කරනු ලබනු ඇත. පසුව ඔවුනට අවකාශ දෙනු නොලබනු ඇත.
තෆ්සීර්
අප සමග කතා කරන, සැබැවින්ම තමන් දූතයකු බවට සාක්ෂි දරන මලක්වරයකු ඔහු සමග අල්ලාහ් පහළ කළේ නම් සැබවින්ම අපි විශ්වාස කරන්නෙමු යැයි මෙම දේව ප්රතික්ෂේපකයෝ පවසා සිටියහ. ඔවුන් සිතන, විස්තර කරන ලද මලක්වරයකු අපි පහළ කළ ද ඔවුන් විශ්වාස නොකළ විට අපි ඔවුන් විනාශ කරන්නෙමු. එය පහළ වන විට පාප ක්ෂමාව අයැදින තෙක් කල් දෙනු නොලැබේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න